October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලංකාවේ දුප්පත්කම තවදුරටත් දැඩි අවදානම් මට්ටමක.. – ලෝක බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

1 min read

ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරත්වය ළඟා කරගෙන තිබුණද, මෙරට දුප්පත්කම තවදුරටත් දැඩි අවදානම් මට්ටමක පවතින බව ලෝක බැංකුව නිකුත් කළ නවතම සංවර්ධන වාර්තාවේ සඳහන් වේ. එම වාර්තාවට අනුව මේ වසරේදී (2026) සෑම ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුම (සියයට 50 සීමාව තුළ) දුප්පත්කමින් පීඩා විඳිමින් හෝ දුගී රේඛාව ආසන්නයේ ජීවත් වන බව පෙන්වා දෙයි.

ලෝක බැංකු වාර්තාවේ ඇතුළත් ප්‍රධාන තොරතුරු මෙසේය:

දුප්පත්කමේ ප්‍රවණතාව: 2023 වසරේදී සියයට 20.7ක් දක්වා ඉහළ ගිය මෙරට දුප්පත්කම, පසුගිය වසරේදී (2025) සියයට 16.9ක් දක්වාත්, මේ වසරේදී සියයට 15.8ක් දක්වාත් පහළ යනු ඇතැයි පුරෝකතනය කර ඇත. කෙසේ වෙතත්, මෙය 2019 වසරේ පැවැති සියයට 11.5 මට්ටමට වඩා තවමත් ඉහළ අගයකි. මෙරට ජනතාව නැවත අර්බුදයට පෙර පැවැති තත්ත්වයට පැමිණෙනු ඇත්තේ 2030 වසරේදී බව කියැවේ.

ජීවන වියදම සහ වැටුප්: දරුණු ආර්ථික අර්බුදය හමුවේ ජනතාවගේ ඉතුරුම් ක්ෂය වී ඇති අතර, නැවත ඉතුරුම් ගොඩනගා ගැනීමට පෙර ජීවන වියදම සහ බලශක්ති මිල ඉහළ යාම නිසා සැබෑ ආදායම් වර්ධනයට බාධා පැමිණ ඇත. රාජ්‍ය අංශයේ නාමික වැටුප් වැඩිවීම් සිදු වුවද, ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව යථා තත්ත්වයට පත්ව ඇත්තේ අර්ධ වශයෙන් පමණි.

ජනප්‍රිය පුවත්  මහ බැංකු අධිපතිගේ මාටියා ගැහිල්ල මෙන්න !

ආර්ථික වර්ධනය: ශ්‍රී ලංකාව මේ වසරේදී සියයට 4.4ක ධනාත්මක ආර්ථික වර්ධනයක් ළඟා කරගනු ඇතැයි පුරෝකතනය කර ඇති අතර, එය ලෝක බැංකුව පෙර තැබූ පුරෝකතනවලට වඩා ඉහළ අගයකි. කෙසේ වෙතත්, නිෂ්පාදන ක්‍රියාවලිය මන්දගාමි වීම නිසා 2027 වසරේදී වර්ධන වේගය සියයට 4.2 දක්වාත්, 2028 වසරේදී සියයට 4 දක්වාත් පහළ යනු ඇත.

රාජ්‍ය ණය සහ උද්ධමනය: පසුගිය වසරේදී රාජ්‍ය ආදායමෙන් සියයට 46ක් පොලී ගෙවීම් සඳහා වැයවී ඇති නමුත්, එය 2022-23 වසරවල පැවැති සියයට 80 මට්ටමට වඩා සැලකිය යුතු අඩුවීමකි. එසේම රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස මේ වසරේදී සියයට 87 දක්වා පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ වසරේ උද්ධමනය සියයට 5.7 මට්ටමේ පවතිනු ඇත.

ලෝක බැංකුවේ මෙරට වැඩබලන අධ්‍යක්ෂ ස්ටෙෆාන් මාසින් මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික මට්ටමින් ස්ථාවර වී තිබුණද එම සහනය සාමාන්‍ය ජනතාවට සහ පවුල්වලට එක හා සමානව දැනී නොමැති බවයි. ඉදිරියේදී ඇතිවිය හැකි ආර්ථික කම්පන හමුවේ ජනතාව තවමත් අවදානම් මට්ටමක පසුවන බැවින්, පෞද්ගලික ආයෝජන පෙරමුණට ගනිමින් විශේෂයෙන්ම කෘෂිකාර්මික අංශය වැනි ක්ෂේත්‍ර හරහා නව රැකියා උත්පාදනය කෙරෙන නව ආර්ථික වර්ධන මාවතකට අවතීර්ණ වීම අත්‍යවශ්‍ය බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ජනප්‍රිය පුවත්  විපක්ෂ නායක සජිත් අල්ලස් කොමිෂම ට කැඳවයි

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x