“මාලිමා ආණ්ඩුව ‘රාජ්‍ය බලය’ අත්පත් කරගැනීමට උත්සාහ කරන්නේ වැරදි ක්‍රමයට.. රාජ්‍ය බලයකට වඩා ආණ්ඩුවකට වැදගත් ‘සදාචාර බලය’යි..” – වෛද්‍ය වසන්ත බණ්ඩාර
1 min read
ආණ්ඩුව සහ රාජ්‍යය යනු දෙකක් බවත්, වත්මන් මාලිමා ආණ්ඩුව රාජ්‍ය මෙහෙයවීමට සහ එහි බලය අත්පත් කරගැනීමට වැරදි ක්‍රමවේදයන් භාවිත කරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ ජනතාව විසින් ලබාදී ඇති විශාල ජනවරමක් ලබාදී ඇති බවත්, රාජ්‍ය බලය ඇල්ලීමට වඩා ආණ්ඩුවකට වැදගත් වන්නේ ‘සදාචාර බලය’ බවයි. අධිකරණය වැනි රාජ්‍යයේ ප්‍රධාන අංගයන් යටපත් කිරීමට උත්සාහ කිරීම තුළින් ආණ්ඩුවේ එම සදාචාර බලය බිඳවැටෙන අතර, එය සමස්ත රාජ්‍ය පද්ධතියේම පළුදු වීමකට හේතුවන බව ඒ මහතා සඳහන් කරයි.
ලෝකයේ පිළිගත් මතයට අනුව ‘රාජ්‍යය අත්පත් කරගැනීම’ (State Capture) යනු දූෂිත ක්‍රියාවලියක් බවත්, විවිධ ජාත්‍යන්තර සහ දූෂිත බලවේගවල බලපෑමෙන් රාජ්‍ය නිලධාරීන් හා අමාත්‍යවරුන් යටත් කරගැනීම එහිදී සිදුවන බවත් ඒ මහතා අවධාරණය කරයි. මාලිමා ආණ්ඩුවටද රාජ්‍ය මෙහෙයවා ගැනීමට නොහැකි වී ඇත්තේ මෙවැනි බාහිර හා දූෂිත බලවේගවල බලපෑම් හේතුවෙන් මිස බලයේ හිඟකමක් නිසා නොවන බවටද ඔහු අවධාරණය කරයි.
එමෙන්ම, රාජ්‍ය බලය අත්පත් කරගැනීම වෙනුවට කළ යුත්තේ රාජ්‍යය පරිවර්තනයකට (Transformation) ලක්කිරීම බවත්, ඒ සඳහා අවශ්‍ය නීති රීති හා රාමු සකස් කරමින් මහජනතාවට සහ රාජ්‍ය නිලධාරීන්ට දූෂණයට එරෙහිව නැගී සිටීමට බලය පැවරිය යුතු බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
