සුරා බදු කොමසාරිස්ගෙ නඩුව වටගලගෙ ඇමතුමෙන් සූරසේන විසිකර දමයි ! ලජ්ජයි සූරසේන…!
1 min read
ජනාධිපති අනුර කුමාරගේ තඹුත්තේගම යාලුවකු වූ වත්මන් ශ්‍රී ලංකා සුරා බදු කොමසාරිස් ජනරාල්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න තමන්ට බලපාන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබූ නඩුවක්, අගවිනිසුරු දේවගැති ප්‍රීති පද්මන් සූරසේන හරහා විසිකර දමා ගැනීමට සමත් වී තිබේ.
සුරා බදු දෙපාර්තමේන්තුවේ සේවකයකුට එරෙහිව, වත්මන් සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා ගෙන තිබූ තීරණයකට එරෙහිව, අගතියට පත් සේවකයා අංක SC/CONT/4/2026 යන අංකය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරා තිබේ. එම නඩු පැවරීම පිළිබඳව කලබල වූ ජනාධිපති අනුර කුමාරගේ ගජ මිතුරු සුරා බදු කොමසාරිස් ජනරාල්, එම ප්‍රශ්නය ජනාධිපතිවරයා හමුවේ පවසා ඇත. අපගේ ආරංචි මාර්ගයන්ට අනුව එහිදී ජනාධිපතිවරයා සුරා බදු කොමසාරිස් ජනරාල් වෙත උපදෙස් ලබාදී ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලව හමුවී ප්‍රශ්නය ඉදිරිපත් කරන ලෙසය.
පසුව, සුරා බදු දෙපාර්තමේන්තුවේ මානව සම්පත් කළමනාකරණ අංශයේ තවත් නිලධාරින් දෙදෙනකු සමග, නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල හමුවීමට ගිය සුරා බදු කොමසාරිස් ජනරාල් ප්‍රේමරත්න සිය ආයතනයේ සේවකයා තමන් ගත් තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති SC/CONT/4/2026 අංකය දරන මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳ කරුණු පැහැදිලි කර තිබේ. අදාළ කරුණු විමසා බැලීමෙන් පසු එම අවස්ථාවේදීම සිය ජංගම දුරකථනයෙන් අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේන ඇමතූ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල කළ යුත්තේ කුමක්දැයි සූරසේනට පැහැදිලි කර දී තිබේ.
“වැඩේ කර දෙන” බවට සහතික වූ අගවිනිසුරු, දේවගැති සූරසේන තමන් හා තමන්ට අවනත අචල වෙන්ගප්පුලි විනිසුරු හමුවට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම යොමු කරගෙන එය විභාගයට නොගෙනම විසිකර දැමීමට කටයුතු කර තිබේ.
තමන්ට සිදු වූ අසාධාරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ සේවකයා “ස්වාධීන” අධිකරණයේ රෙදි ගලවමින් සිටින බව අපගේ ආරංචි මාර්ග පවසයි.
ආණ්ඩුවේ ඇමතිවරයකුගේ දුරකථන ඇමතුමට අනුව නැටවෙන අගවිනිසුරුවරයකු යටතේ වන අධිකරණයකින් යුක්තිය පසඳලීම පිළිබඳ බලාපොරොත්තු තබාගැනීම විහිලුවක් බව සුරා බදු කොමසාරිස් දෙපාර්තමේන්තු සේවකයෝ පවසති.
- ජයදේව තිලකසිරි


