October 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හාල් ඇටයක්වත් රටින් ගේන්න ඕන නෑ.. දැන් රට සහලින් ස්වයංපෝෂිතයි.. – ඇමති ලාල් කාන්ත

1 min read

මෙරට පොදු පාරිභෝගික අවශ්‍යතා සඳහා විදේශයන්ගෙන් සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, ශ්‍රී ලංකාව මේ වන විට සහලින් සම්පූර්ණයෙන්ම ස්වයංපෝෂිත තත්ත්වයට පත්ව ඇති බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරයි.

කුඩාඔය ආශ්‍රිත වාරි ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ජැස්මින්, ඇලෙන සුළු සහල් (Sticky Rice) සහ බාස්මතී වැනි දේශීයව නිෂ්පාදනය නොවන විශේෂිත සහල් වර්ග සුළු ප්‍රමාණයක් පමණක් ආනයනය කෙරෙන බවයි. මෙම විශේෂිත සහල් ගෙන්වනු ලබන්නේ මෙරට පිහිටි විදේශ තානාපති කාර්යාලවල නිලධාරීන්ගේ සහ විශේෂිත පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා පමණක් වන අතර, එම සහල් වර්ග මෙරට නිෂ්පාදනය නොවන බැවින් එම සීමිත ප්‍රමාණය අඛණ්ඩව ආනයනය කිරීමට සිදුවෙයි.

කෙසේ වෙතත්, මෙරට ජනතාවගේ දෛනික ආහාර පරිභෝජනය වෙනුවෙන් පිටරටින් සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් වර්තමානයේ නොමැති බව අවධාරණය කළ අමාත්‍යවරයා, දේශීය සහල් අවශ්‍යතාව මුළුමනින්ම රට තුළින්ම සපුරා ගැනීමට හැකි පරිදි රට ස්වයංපෝෂිත වී ඇති බවත්, වාරිමාර්ග හා කෘෂිකාර්මික ව්‍යාපෘති සක්‍රීය වීමත් සමඟ එම නිෂ්පාදන ශක්තිය තවදුරටත් තහවුරු වී ඇති බවත් වැඩිදුරටත් පැවසීය.

ජනප්‍රිය පුවත්  සුරේෂ් සලේ අධිකරණයට
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x