October 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පෙට්‍රල් 292ට ගෙනත් විකුණන්නේ 414ට.. ඉන්ධනවලින් පාඩු කතාව බොරුවක්.. මිල සූත්‍රය වහා හෙළි කරන්න.. – පාඨලී

1 min read

සිංගප්පූරු වරායෙන් මෙරටට ඉන්ධන ගොඩබාන ආනයනික පිරිවැය සහ දේශීය වෙළෙඳපොළේ ඉන්ධන විකුණුම් මිල අතර පවතින සැබෑ වෙනස පෙන්වා දෙමින්, ඉන්ධන මිල තීරණය වන සූත්‍රය වහාම රටට හෙළි කරන ලෙස හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා රජයට බලකර සිටියි.

සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, ඩොලරයක අගය රුපියල් 330ක් ලෙස ගණනය කළ විට සිංගප්පූරු වරායෙන් නැව්ගත කෙරෙන (FOB) ආනයනික මිල සහ මෙරට වෙළෙඳපොළේ දැනට පවතින විකුණුම් මිල ගණන් අතර සැලකිය යුතු පරතරයක් දක්නට ලැබෙන බවයි.

ඒ මහතා ඉදිරිපත් කර ඇති දත්තයන්ට අනුව වත්මන් ඉන්ධන මිල සංසන්දනය මෙසේය.

පෙට්‍රල් 92: ආනයනික පිරිවැය රුපියල් 292ක් (බැරලයක් ඩොලර් 141) වන විට ලංකාවේ විකුණුම් මිල රුපියල් 414කි.
පෙට්‍රල් 95: ආනයනික පිරිවැය රුපියල් 305ක් (බැරලයක් ඩොලර් 147) වන අතර මෙරට විකුණුම් මිල රුපියල් 475කි.
ඔටෝ ඩීසල්: ආනයනික පිරිවැය රුපියල් 350ක් (බැරලයක් ඩොලර් 169) වන විට ලංකාවේ විකුණුම් මිල රුපියල් 392කි.
සුපර් ඩීසල්: ආනයනික පිරිවැය රුපියල් 367ක් (බැරලයක් ඩොලර් 177) වන අතර මෙරට විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 528ක් වශයෙනි.
බොරතෙල්: ආනයනික පිරිවැය ලීටරයකට රුපියල් 213ක් (බැරලයක් ඩොලර් 103) වේ.
යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ බස් රථ හිමියන් ඇතුළු සමස්ත පීඩිත ජනතාවගේ දැනගැනීම උදෙසා මෙරට ඉන්ධන මිල තීරණය කෙරෙන නිශ්චිත මිල සූත්‍රය ප්‍රසිද්ධියට පත්කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බව හිටපු අමාත්‍යවරයා අවධාරණය කරයි.

ජනප්‍රිය පුවත්  ඇමෙරිකානුවන්ගේ NoKing ව්‍යාපාරය හරහා ට්‍රම්ප් පරිපාලනය බිදවැටේද ?

මීට අමතරව, ලංකා විදුලිබල මණ්ඩලය වෙත රුපියල් 210ක මුදලකට දැවිතෙල් අලෙවි කිරීම තුළින් ලබන අතිවිශාල අධික ලාභය පිළිබඳව ද වගකිවයුතු අංශ ජනතාව හමුවේ වහා කරුණු පැහැදිලි කළ යුතු බව පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් කියා සිටියි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x