October 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොස්ගොඩදී ඝාතනයකට යමින් සිටි දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

1 min read

කොස්ගොඩ මහඉඳුරුව ප්‍රදේශයේදී ඝාතනයකට යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුට පොලිසිය විසින් වෙඩි තබා තිබේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එක් අයෙකු රෝහල් ගත කර ඇතැයිද අනෙක් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසුවේ ලොකු පැටීගේ පාර්ශ්වයේ වෙඩික්කරුවෙකු විසින් කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වයේ අයෙකු ඉලක්ක කර වෙඩි තැබීමට උත්සාහ දරා ඇති බවට සැක කරන බවය.

එහිදී වෙඩික්කරුවන් පොලිසියට හසුවීමෙන් පසු පලායාමට උත්සාහා දැරීමේදී පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමෙන් මෙම පුද්ගලයා තුවාල ලබා ඇති බවද පොලිසිය සඳහන් කළේය.

එහිදී වෙඩික්කරුවන් සතුව තිබී ගිනි අවි දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇති බවද පොලිසිය පැවසීය.

වලාන දූෂණ මර්දන ප්‍රහාර ඒකකය විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ලොකු පැටී නැමැති අපරාධකරුගේ සහෝදරයා වන පොඩි පැටී නැමැත්තා පසුගිය 01 වැනි දින වෙඩි තබා ඝාතනය කෙරුණේ අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදීය.

ඝාතනයට පැමිණි වෙඩික්කරු පාගමනින් පැමිණ එම වෙඩි ප්‍රහාරය පොඩි පැටී නැමැත්තා ඉලක්ක කර නැවත පාගමනින්ම පලාගොස් තිබුණි.

ජනප්‍රිය පුවත්  බෙදුම්වාදී ත්‍රස්ත නායකයකුට පාර්ලිමේන්තුවේ දී ගෞරව උත්තමාචාර පුද කිරීමට ඉඩ ලබාදීම බරපතළ වරදක්.. කථානායක බරපතළ වගකීමක් පැහැර හැරලා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කථානායකට ලිපියක්

පොලිසිය පැවසුවේ මෙම වෙඩි ප්‍රහාරයයට පළි ගැනීමේ අරමුණින් ලොකු පැටී පාර්ශ්වය විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට පැමිණ ඇති බවට සැක කරන බවය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x