October 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10 දෙනෙකුට නොතීසි

1 min read

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10 දෙනෙකුට ඔක්තෝබර් 06 වැනිදා අධිකරණයේ පෙනීසිටින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් පසන් අමරසේකර නොතීසි නිකුත් කර තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මගින් ඉදිරිපත් කළ කරුණු සළකාබැලිමෙන් අනතුරුවය.‍

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක්ව ඇති බවත්, එය පාලනය සඳහා හෘදය වස්තුවට උපකරණයක් සවිකර ඇති බවත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පසුගිය දා අනාවරණය විය.

ඒ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වෛද්‍ය මණ්ඩලයක් විසින් නිකුත් කරණු ලැබූ වාර්තාවට අනුවය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x