January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කලින් සිටිය ජනපතිවරු මහසඟරුවන හමුවේ ධර්ම දේශනාවන්ට ඇහුම්කන් දෙන විට කුඩා පුටුවක අසුන් ගෙන සිටීම පිළිබඳව විවේචනය කළේ රතු මල්ලිලා ය. එය, ප්‍රභූත්වය හුවා දැක්වීම වෙනුවෙන් බලය හොබවන දේශපාලඥයන් සිදු කරන තුට්ටු දෙකේ ක්‍රියාවක් ලෙස පැවසුවේ ඔවුන්මය. එහෙත් එම ප්‍රභූන් කවර විටකදීවත් මහසඟරුවන හමුවේ දනහිස් තබා ගැනීමට කොට්ට තබා ගත්තේ නැත. තම දනහිස ගැන සිතා දන නමා කළ යුතු දේ නොකර සිටියේ ද නැත.

එහෙත්, දැන් අපට ලැබී ඇති නිර්-ප්‍රභූ ප්‍රභූවරු ජනපති මැතිඳුන්, මහසඟරුවන හමුවේ දන නමනු ලබන්නේත් දනහිස ගැන බෙහෙවින් සිතා බලාය. එබැවින් ඕ තොමෝ දනහිස තබාගැනීමට කුෂන් කළ විශේෂිත කොට්ට තබා ගනු ලබයි. එවිට දනහිසට වඩාත් සැප ය.

මහසඟරුවන හමුවේ කුෂන් කළ කොට්ට නැතිව දන නමන්නට නොහැකි නිර්-ප්‍රභූ ජනපතිගේ පට්ට ප්‍රභූත්වය ගැන අප සතුටු විය යුතු ය. එය සකල ලෝකවාසී ජෙබයියන්ට ආඩම්බරයකි; ගරුත්වයකි. නිර්-ප්‍රභූවරු ප්‍රභූවරු වූවාට උඹලට පාන් ද ? ඉට් ඊස් අ බිග් කුඩ්ඩන් ය!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
රොමේෂ්
රොමේෂ්
3 months ago

මෙහෙමත් නිර්-ප්‍රභූ ජනාධිපතියෙක් කොහෙවත් නෑ

1
0
Would love your thoughts, please comment.x
()
x