October 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නිරිතදිග මුහුදේ ඇති ඉරාන නෞකා 19ට සැපයුම් දුන්නහොත් ලංකාවට සම්බාධක පනවන බව අමෙරිකාව කියයි: වෝල් ස්ට්‍රීට් ජර්නල්

1 min read

ආහාර, ඉන්ධන සහ ජලය නොමැතිව නිරිතදිග මුහුදේ ඇති ඉරාන නෞකා 19ට සැපයුම් දුන්නහොත් ද්විතීක සම්බාධක පනවන බව අමෙරිකාව මෙරටට දන්වා ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සඳහන් කරනවා.

කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ඒ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් දැනුවත් කර ඇති බවත්, සැපයුම් ලබාදීම මෙම අවස්ථාවේ උචිත නොවන බව වරාය අධිකාරිය නෞකා කිහිපයකට දන්වා ඇති බවත්, එම වාර්තාවේ සඳහන්.

සැප්තැම්බර් මැද භාගයේදී ශ්‍රී ලාංකික නිලධාරීන් 40කට වැඩි පිරිසක් සහභාගී වූ තෙදින පුහුණු වැඩසටහනක්ද තානාපති කාර්යාලය විසින් පවත්වා තිබෙනවා.

සම්බාධක පනවා ඇති නෞකා සඳහා නාවික නියෝජිතයන්, ඉන්ධන සැපයුම්කරුවන් සහ අනෙකුත් සේවා සපයන සමාගම් “දැනුවත්ව හෝ නොදැනුවත්ව” සහාය ලබාදීම හේතුවෙන් අමෙරිකානු සම්බාධකවලට ලක්වීමේ අවදානම සම්බන්ධයෙන් එහිදී දැනුවත් කර ඇති බවයි එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x