October 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මවුකිරි නොදෙන අම්මලාට පියයුරු පිළිකා අවදානම ඉහළට

1 min read

පියයුරු පිළිකා රෝගීන් දාහත් දෙනකු දිනකට අලුතින් හමුවන බවත් එලෙස රෝගී වූවන්ගෙන් තිදෙනකු පමණ දෛනිකව මරණයට පත්වන බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු පැවැසීය. මවුකිරි නොදෙන මවුවරුන්ගේ පියයුරු පිළිකා තත්ත්වයන්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.

2023 වසර වනවිට මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 6200 දෙනක පමණ හමුවී තිබූ බවත් ඉන් රෝගීන් සියයක් පිරිමි අයවීම විශේෂත්වයක් බවත් ඇය කීවාය.

ලෝකයේ පියයුරු පිළිකා රෝගීන් පිළිබඳ සැලකිල්ලට ගැනීමේදී 2022 වසර වනවිට පිළිකා රෝගීන් ලක්ෂ 23 ක් පමණ හමුවී තිබේ. එම වසර වනවිට පියයුරු පිළිකාවෙන් පුද්ගලයන් ලක්ෂ හයක් පමණ මරණයට පත්ව ඇතැයිද ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

2022 වසරේදී මෙරටින් පියයුරු පිළිකා රෝගීන් දහසක් පමණ හමුවී ඇති අතර එම වසරේ පියයුරු පිළිකාව නිසා තිස්හය දෙනකු මියගොස් ඇතැයිද සංඛ්‍යා දත්ත උපුටා දක්වමින් ඇය සඳහන් කළාය.

මවුකිරි නොදෙන මවුවරුන් අතර පියයුරු පිළිකා වැලඳීමේ වැඩි ඉඩක් තිබෙන බවද ඇය කීවාය.

පියයුරු පිළිකාව කලින් හඳුනා ගත්තේ නම් එය සියයට සියයක් සුව කළ හැකි රෝගයක් බවත් මේ වනවිට කොළඹ ජාතික රෝහල, යාපනය, බදුල්ල, මඩකලපුව සහ රත්නපුර යන ශික්ෂණ රෝහල්වල මෙන්ම පොළොන්නරුව, අකුරැස්ස යන රෝහල්වලද පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමේ සායන පවත්වන බවත් ඇය කියා සිටියාය.

ජනප්‍රිය පුවත්  හෝමූස් යළි වැසුණු පසු නව සාකච්ඡා වටයක්

කාන්තාවන්ගේ පියයුරුවල ගැටිත්තක්, යම් වේදනාවක් හෝ වෙනත් ​රෝගී ලක්ෂණයක් මතුවන්නේදැයි යන්න මසකට වරක්වත් ස්වයං පරීක්ෂණයක් කරගැනීමට කාන්තාවන් වගබලා ගත යුතු බවද ප්‍රජා විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.

පියයුරු පිළිකාව පිළිබඳ දැනුම්වත් කිරීමේ මාසය ඔක්තෝබර් මසට යෙදී තිබෙන අතර ඊට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (30 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x