ලබන වසරේ මුල් කාලය තුළද උද්ධමනය ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරනවා
1 min read
සියයට 8ක්ව පවතින උද්ධමනය මෙම වසර තුළ සහ ලබන වසරේ මුල් කාලය තුළද ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඔහු සඳහන් කළේ 2027 වසරේ දෙවන කාර්තුවෙන් පසුව උද්ධමනය මහ බැංකුවේ 5%ක ඉලක්කය වෙත ළඟාවනු ඇතැයි අපේක්ෂා කරන බවය.
උද්ධමනය ඉහළ යාමෙන් ඇතිවන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා මේ වනවිට මුදල් ප්‍රතිපත්තිය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ඇතුළු ප්‍රතිපත්තිමය මෙවලම් භාවිත කරමින් පියවර ගෙන ඇති බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.
ඉදිරියේදීද එවැනි අවිනිශ්චිත තත්ත්වයන් ඇති වුවහොත්, ආර්ථිකයට ඇතිවන බලපෑම් අවම කිරීම සඳහා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය මෙන්ම රජයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියද අවශ්‍ය පරිදි භාවිත කිරීමට සිදුවනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
