September 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්ධන මිල ඉහළ දැමීමට සමාගම් ඉල්ලයි

1 min read

මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් ඉන්ධන ආනයනයේ “ගොඩබෑමේ පිරිවැය” ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, පෞද්ගලික ඉන්ධන අලෙවි සමාගම්වල ඉන්ධන මිල එම පිරිවැයට අනුව සංශෝධනය කිරීමට රජය සලකා බැලිය හැකි බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලකමහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, පෞද්ගලික ඉන්ධන සමාගම් සමඟ ඇති ගිවිසුම් අනුව එලෙස ඉන්ධන මිල සංශෝධනය කිරීමට නීතිමය බාධාවක් නොමැති බවයි.

මේ අතර, මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් මුහුදු මාර්ගවලට ඇතිවී තිබෙන බාධා නිසා ඉන්ධනවල “ගොඩබෑමේ පිරිවැය” සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බැවින්, වත්මන් මිලට ඉන්ධන අලෙවි කිරීම අපහසු වී ඇති බව පෞද්ගලික ඉන්ධන සමාගම් රජයට දැනුම් දී තිබේ.

රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කර ඇත්තේ IOC, Sinopec සහ RM Parks ඇතුළු පෞද්ගලික ඉන්ධන මෙහෙයුම්කරුවන් මෙම ගැටලුව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර ඇති බවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x