September 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මුහුදු රළ උස ඉහළයාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

1 min read

මුහුදු රළ උස ඉහළයාම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

හලාවත සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය වලංගු වෙයි.

ඒ අනුව, හලාවත සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 – 3.0ක් පමණ ඉහළයාමේ හැකියාවක් පවතී.

මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ප්‍රජාව, මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ලැබේ.

අද (13) පස්වරු 12ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට දිනය දක්වා වලංගු වෙයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x