කතානායක ඉවතට ?
1 min read
කතානායක ජගත් වික්‍රමරත්න හා ඔහුගේ පෙම්වතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ ඇතිව ඇති අර්බුදය මේ වන විට නීතිපතිවරයා දක්වා ව්‍යාප්ත වී ඇතැයි වාර්තා වේ.
කතානායකවරයාගේ අශීලාචාර හැසිරීම සම්බන්ධයෙන් ලිඛිතව කරුණු දක්වා ගත යුතු පියවර නීතිපතිවරයා වෙතින් විමසීමට පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර තීරණය කර තිබීම ඊට අදාල නවතම තත්ත්වය වී තිබේ. පාර්ලිමේන්තු ලේකම්තුමිය ඒ පිළිබඳව සභානායක බිමල් රත්නායකව ද දැනුවත් කර ඇතැයි පැවසේ.
මේ අතර ජනාධිපති අනුර කුමාර ද කතානායකවරයාට දුරකථනයෙන් අමතා ඉල්ලා අස්වන්නැයි ඔහු වෙතින් ඉල්ලා තිබේ. එයට ද සාධනීය ප්‍රතිචාරයක් දක්වා නොමැති කතානායකවරයා තම පෙම්වතා සමඟ තවදුරටත් එම ධූරයේ රැඳී සිටීමට තීරණය කර ඇතැයි පැවසේ.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ද කතානායකවරයා ධූරයෙන් ඉල්ලා අස්විය යුතුය යන මතයේ සිටියත් සභානායක බිමල් රත්නායක ඊට ප්‍රතිවිරුද්ද ස්ථාවරයක සිටින බව පැවසේ. මෙම අර්බුදය හේතුකොටගෙන නුදුරේදීම කතානායකවරයාට ඉල්ලා අස්වීමට සිදුවනු ඇතැයි “මාලිමා” ආරංචිමාර්ග පවසා සිටී.
- ගීත් මහානාම
