October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“ප්‍රමාද වීමට පෙර ඔබගේ නිවසට ආපසු යන්න”- ඉරානයෙන් අමෙරිකානු හමුදාවට රතු එළියක්

1 min read

පර්සියානු බොක්ක කලාපයේ රැඳී සිටින අමෙරිකානු හමුදාවන්ට “ප්‍රමාද වීමට පෙර ඔබේ නිවසට ආපසු යන ලෙස” ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කාරක සභාවේ සභාපති ඊබ්‍රාහිම් අසීසි අනතුරු අඟවා තිබේ.

X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ, කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය තහවුරු කිරීමට ඉරාන නාවික හමුදාවට පූර්ණ හැකියාව ඇති බවයි.

එම නිසා, ප්‍රමාද වීමට පෙර තම යුධ උපකරණද ආරක්ෂා කරගනිමින් ආපසු මවුබිම වෙත යන ලෙසත්, තම රටේ දේශසීමා ආරක්ෂා කරගැනීම කෙරෙහි අවධානය යොමුකරන ලෙසත් ඔහු අමෙරිකානු හමුදාවන්ට උපදෙස් දී ඇත.

මේ අතර, බටහිර ආසියානු කලාපය තුළ දීර්ඝකාලීන හමුදා පැවැත්මක් පවත්වාගෙන යාමට අමෙරිකාවට නොහැකි වනු ඇති බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් හොසේන් මොහෙබී ප්‍රකාශ කර තිබේ.

කලාපයේ පසුවන අමෙරිකානු සෙබළුන්ගේ මානසික මට්ටම මෙන්ම ඔවුන් සතු යුධ නෞකා සහ ආයුධවල තත්ත්වයද මේ වන විට දැඩි ලෙස පිරිහී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x