ජනාධිපති නොවෙයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලියන්නේ.. කොහොමද මෙහෙම ප්‍රකාශයක් කරන්නේ?.. – ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා
1 min read
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා සඳහන් කරන්නේ ජනාධිපතිවරයා මෙය පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා බවට රැස්වීමකදී පැවසූ විට තමා දැඩි ලෙස කම්පනයට පත්වූ බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක ඇති කරුණු කිසිවෙකු නොදන්නා බවත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලියන්නේ ජනාධිපතිවරයා නොවන බැවින් එබඳු ප්‍රකාශයක් සිදුකරන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පාරේ යන බේබද්දෙකු විසින් සිදුකළා නම් එය ගණන්ගත යුතු නැති බවත්, එහෙත් මෙම ප්‍රකාශය සිදුකරන්නේ රටේම ජනාධිපතිවරයා බවත් ඔහු සඳහන් කරයි.
