September 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට වැඩවර්ජනයක

1 min read

විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට (09) දිනයේ එක් දින වැඩවර්ජනයක නිරතවීමට තීරණය කළ බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

එහි ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසා සිටියේ, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති බරපතළ අර්බුද සම්බන්ධයෙන් සිය සංගමය පසුගිය සතිය පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹුන බවය.

රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරු හිඟය මෙන්ම සුදුසු ආචාර්යවරු නොමැති වීම බරපතළ ගැටලුවක් බවද පැවසු ඒ මහතා, මේ වනවිට‌ 2025 උසස් පෙළට පෙනී සිටි සිසුන් රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත බඳවාගත නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවද පැවසීය.

ජනාධිපතිවරයා රාජ්‍ය විශ්වවිද්‍යාල 50ක් අලුතින් ඇති කරන බව පැවසුවද අලුතින් ඇති කිරීමට පෙර පවතින විශ්වවිද්‍යාල 17හි ගුණාත්මක බව රඳවා ගැනීම ඉතා වැදගත් බවද ඒ මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තම සම්මේලනය බලාසිටින බවත් මේ සඳහා ස්ථීර විසඳුමක් අවශ්‍ය බවත් චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x