September 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අධිකරණ තීන්දුවෙන් පසු 22 සංශෝධනය සම්මත කරනවා – ජනාධිපති අනුර දිසානායක

1 min read

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව ලැබුණු වහාම එය පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර දිසානායක ප්‍රකාශ කළේය.
බුලත්සිංහල ප්‍රදේශයේ පැවැති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ, දූෂිතයන්ට දඬුවම් දීම සහ පවතින “කළු නීති” පද්ධතිය බිඳ දැමීම සඳහා මෙම සංශෝධනය අත්‍යවශ්‍ය බවයි.

අධිකරණ තීන්දුව දින 21ක් ඇතුළත ලැබීමට නියමිත බවත්, ඉන් අනතුරුව කිසිදු ප්‍රමාදයකින් තොරව එය සම්මත කරන බවත් ඔහු අවධාරණය කළේය.

“අපි මේ තීන්දු තීරණ ගන්නේ ජනතාව වෙනුවෙන් ඉතා හොඳින් කිරා මැන බලලයි. ඒ නිසා ගන්නා කිසිදු තීරණයක් අපි ආපසු හරවන්නේ නැහැ. දැන් මේ දූෂිත පද්ධතියේ රැකවරණය ලැබූ අය කලබල වෙලා. ඔවුන් තානාපති කාර්යාල ගානේ දුවනවා, ජාත්‍යන්තර සංවිධානවලට ලියනවා. නමුත් අපේ ගමන අපි නතර කරන්නේ නැහැ,” යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

පසුගිය පාලන සමයන්හිදී මෙරටට සිදු කර ඇති අපරාධ සහ දූෂණවල පරිමාණය ඉතා විශාල බවත්, ඒවා එකින් එක හෙළිවන විට තමන් පවා පුදුමයට පත්වන බවත් ඔහු සඳහන් කළේය.

ජනප්‍රිය පුවත්  මේ මාසය අවසානයේ වැස්ස වැඩිවෙයි

“ඇත්තම කිව්වොත්, මේ සිදුවී ඇති වැරදිවල හැටියට, නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන විට එක්කෙනෙක්වත් ඉතිරි නොවන තරම් තත්ත්වයක් තියෙන්නේ,” යැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x