September 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“බෝර්න් අගේන්” කල්ලියෙන් ජනාධිපතිට දේව සාදයක් !

1 min read

ජනාධිපති අනුර කුමර සමග ඉතා සමීපව ක්‍රියා කරන, “බෝර්න් අගේන්” ආගමික ශාඛාව තදින් පිළිපදින කණ්ඩායම ජනාධිපතිවරයාගේ ධූර කාලයට දෙවසරක් පිරීම නිමිතිකොටගෙන විශේෂ යාඥා මෙහෙයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව, ජනාධිපතිවරයාගේ ධූර කාලයට දෙවසරක් සැපිරෙන සැප්තැම්බර් 23 දා පස්වරුවේ මෙම විශේෂ දේව මෙහෙය බොරැල්ල ආශ්‍රිත ස්ථානයක දී පැවැත්වීමට නියමිතව තිබේ. මෙය සංවිධානය කිරීමේ දී මූලිකත්වය ගෙන ඇත්තේ ප්‍රමිෂ්කා පෙරේරා සහ ක්‍රිෂන්ත කුරේ විසිණි.

මෙම අවස්ථාවට ආරාධනා කරනු ලබන්නේ ඉතා සීමිත පිරිසකට වුවත්, එම සීමිත පිරිස අතරට, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ඔහුගේ බිරිඳ ද, ඉතා මෑතක දී ජනාධිපතිවරයා විසින් අභියාචනාධිකරණ විනිසුරුවරියක බවට පත්කරන ලද ලක්මාලි කරුණානායක ඇතුළු අධිකරණයට සම්බන්ධ කිහිප දෙනෙකුට ආරාධනා කිරීමට නියමිතව ඇත.

එරන් වික්‍රමරත්න, ජෙරොම් ප්‍රනාන්දු ඇතුළු විවිද ක්ෂේත්‍ර නියෝජනය කරන “බෝර්න් අගේන්” ඇදහිලිවන්තයන් පිරිසක් ද මීට ආරාධනා ලබනු ඇත.

පස්වරු 5 ට රැස්වී යාඥාව සිදුකර, ඉන් අනතුරුව රාත්‍රී සාදයක් පැවැත්වීමට ද මෙහි දී තීරණය වී තිබේ. අපගේ සමීප ආරංචිමාර්ග අනුව සාදය පැවැත්වෙන්නේ කොළඹ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක වන නිවසක ය.

ජනප්‍රිය පුවත්  සිනොපෙක් ඩො.බි.3.7ක ආයෝජනය ලත් තැනම ලොප්!

මෙම සාදය සඳහා ජනාධිපතිවරයාට අමතරව, විජිත හේරත් සහ නලින්ද ජයතිස්ස යන අමාත්‍යවරුන් ද සහභාගි කරවා ගැනීමට මෙහි සංවිධායකයන් තීරණය කර ඇත.

දේව මෙහෙය ජෙරොම් ප්‍රනාන්දු විසින් සිදු කිරීමට නියමිත අතර, ජනාධිපතිවරයාගේ පුත්‍රයා ලෙස සැලකෙන කසුන් දිසානායක හා ඔහුගේ බිරිඳ ද මෙම දේව මෙහෙයට පමණක් සම්බන්ධ කර ගැනීමට නියමිතව තිබේ.

  • දහම් ප්‍රියදර්ශන පෙරේරා
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x