September 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නිරාගමික නැත.. ආණ්ඩුව ජෙරොම් ප්‍රපොට්ගේය.. මහනායකහිමිවරු පහතට වඩින්න !

1 min read

ශ්‍රී ලංකාවේ මාලිමා ආණ්ඩුව නිල වශයෙන්ම බෝර්න් අගේන් වී තිබෙන හැටි පසුගිය තිස්වෙනිදා දැකගන්න පුළුවන් වුණා.

පහුගිය ඉරිදා (30) ජපානයේ ඉදලා ලංකාවට 250 ක සංචාරකයො පිරිසක් ආවා.

නමුත් විශේෂත්වය මේ සංචාරකයන් පිළිගන්න විශේෂ පිළිගැනීමේ උත්සවයක් ආණ්ඩුව විසින් සංවිධානය කරලා තිබුණා.

ලංකාවට හැමදාම සංචාරකයො එනවා. කණ්ඩායම් වශයෙන් පවා එනවා.

නමුත් කවදාවත් ඒ සංචාරකයන්ට ආණ්ඩුවෙන් රාජ්‍ය අනුග්‍රහය යටතේ පිළිගැනීමේ උත්සව සංවිධානය කරන්නේ නැහැ.

හැබැයි ජපානයේ ඉදලා ලංකාවට ආපු මේ පිරිස පිළිගන්න ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති ජනිත රුවන් කොඩිතුවක්කු ගිහින් හිටියා.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් දමින්ද ගිහින් හිටියා.

සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් මංගල ගිහින් හිටියා.

සාමාන්‍යයෙන් රාජතාන්ත්‍රිකයන්ට පමණක් ලැබෙනා පිළිගැනීමක්.

මේ එන පිරිසට ඔලුව නවන්න ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කැබින් කෘ ළමයි යොදාගෙන තිබුණා.

ඔවුන් සතුටු කරන්න විශේෂ නැටුම් කණ්ඩායම් යොදාගෙන තිබුණා.

ඔවුන්ට විශේෂ ආහාර පාන ලෑස්ති කරලා තිබුණා.

නමුත් කවුද මේ සංචාරකයන් පිරිස ?

මේ ඊනියා සංචාරකයො පිරිස ගෙනාවේ ලංකාවට ගෙනාවේ පාදිලි රුවන් පෙරේරා.

ජනප්‍රිය පුවත්  නීතිඥ නෝනාට එරෙහි සාක්කි වෙනස් වුණේ කොහොමද ?

එහෙම නැත්නම් ජෙරම් ප්‍රනාන්දුගේ බෝර්න් අගේන් නිකායේ, ජපානය භාර පාදිලි රුවන් පෙරේරා.

ජෙරම් ප්‍රනාන්දුගේ ජපන් බිස්නස් එක බලන බුවා.

මේ ලංකාව හෝ ලංකාවේ ලස්සන බලන්න ආපු සාමාන්‍ය සංචාරකයො නෙවෙයි.

මේ පිරිස ජපානයේ පාදිලි රුවන් පෙරේරාගේ පල්ලියට එන බෝර්න් අගේන් සාමාජිකයො.

ඔවුන් ආවේ පාදිලි ජෙරම් ප්‍රනාන්දුගේ කටුනායක මිරකල් ඩෝම් පල්ලියට.

ඕනෑම රටකින්, ඕනෑම ආගමක් අදහන, ඕනෑම අයෙකුට මේ රටට එන්න පුළුවන්.

ඒ අයිතිය අප පිළිගන්නවා වගේම ආරක්ෂා කරන්න කැපවෙනවා.

හැබැයි අපිට මෙතනින් ආණ්ඩුවේ අභිලාශ කියවගන්න පුලුවන්. මේ සිදුවීම වැදගත් ඒකට විතරයි.

මීට කළින් කණ්ඩායම් වශයෙන් ඉන්දියාවෙන් හින්දු භක්තිකයො ආවා. බුරුමයෙන් බෞද්ධයො ආවා
තායිලන්තයෙන් හාමුදුරුවරු ආවා. සාම්ප්‍රදායික, බෝර්න් අගේන් නොවන ක්‍රිස්තියානි භක්තිකයන් ආවා.

හැබැයි ආණ්ඩුවේ ඇමතිලා, නිළධාරීන් රංචු පිටින් ඒ තැන් වලට පිළිගන්න ගියාද ?

ඔවුන් පිළිගන්න උත්සව සංවිධානය කළාද ?

මෙතැන වෙනස ඒකයි.

ජෙරම් ෆ්‍රනාන්දු ගෙන්වන, ඔහුගේ අන්තර්ජාතික ආධාරකරුවන්ට, රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා.

දැන් මේ ජපානෙන් එන මිනිස්සුන්ට ආණ්ඩුව විසින් දෙන පණිවිඩය මොකක්ද ?

“ඔබ ගෙන්වන ඔබේ පාස්ටර් ලංකාවේ වැදගත් චරිතයක්. බය නැතුව ඔහු ලඟ ආයෝජනය කරන්න” කියලා.

ජනප්‍රිය පුවත්  ගල්ෆ් ආක්‍රමණය සහ ගෝලීය අර්බුද : බලශක්තිය, පොහොර සහ ආහාර

අනිත් කාරණාව මේ කට්ටිය ආවට රටට, සංචාරක ව්‍යාපාරයට සතයක් ලැබෙන්නේ නැහැ.

මේ සියලූම දෙනා තමන්ගේ පැමිණීමට අදාල මුදල් ජපානයේ ජෙරම්ගේ පල්ලියට ගෙවනවා.

ඉතිරි සියල්ල ලංකාවේ ජෙරම්ගේ පල්ලියෙන් රුපියල් වලින් වියදම් කරනවා. සරලවම උන්ඩියල් වගේ වැඩක්.

රටට විදේශ විනිමය හෝ සංචාරක ව්‍යාපාරයේ වෘත්තිකයන්ට රුපියල් ලැබෙන්නේ නැහැ.

ජෙරම් නම් මේ කට්ටියගෙන් මුදල් ලබා ගනීවි.

හොඳම වැඩේ ඒක නෙවෙයි.

මේ පාදිලි රුවන් පෙරේරාට, ජෙරම් මේ තරම් බලවත් තනතුරු (රීජනල් මැනේජර් වගේ) දුන්නේ මාලිමා ආණ්ඩුව ආවට පස්සේ.

ඒකටත් හේතුවක් තියෙනවා.

ආණ්ඩුවේ ඉහළම පිරිමියා වශී කරන්, රටේ පාලනයට සම්බන්ධ වෙලා ඉන්න කාන්තාවක් ගැන දැන් රටම දන්නවා.

ඇය සහ මේ රුවන් පෙරේරා අතර පවතින සම්බන්ධය හොයලා බලන්න.

ජෙරම් ප්‍රනාන්දු, රුවන් පෙරේරා පාවිච්චි කරන්නේ ඔහු හරහා ආණ්ඩුවට සෘජුව සම්බන්ධයක් තියෙන නිසා.

ජෙරම්ගේ මිරකල් ඩෝම් එක ලඟ ලඟදි ඉදි කරපු හෝටලයේ හිමිකරුත් (මුහුණ) රුවන් පෙරේරා.

දළදා පෙරහැරට ගිහින් කහ වතුර ඉහපු පාරේ සපත්තු දාගෙන අනුර ඇවිද්දට, ජෙරම් ප්‍රනාන්දුට ඔහුගේ ආණ්ඩුව සලකන්නේ මෙහෙමයි.

ජනප්‍රිය පුවත්  ටිංටිං ගේ කතා වස්තුව

මේ වසර දෙක තුළ ජෙරම් පෙරේරා ශ්‍රී ලංකාව තුල පෙර ඔහු අත නොතැබූ ගම්මාන, ස්ථාන වලට අත තබමින් අධිරාජ්‍යයක් ගොඩනංවා තිබෙනවා.

ඒ සියල්ල සිදුවූයේ රාජ්‍ය අනුග්‍රහයෙන්. මාලිමා ආණ්ඩුව කවුරුත් හිතුවා වගේ නිරාගමික ආණ්ඩුවක් නෙවෙයි.

පැහැදිලිවම මේ “බෝර්න් අගේන්” ආණ්ඩුවක්.

•⁠ ⁠Sachin Rathwatte

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x