September 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස 84,000 ඉක්මවයි

1 min read

මේ වන විට දිවයිනේ පළාත් කිහිපයකට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 84,000කට අධික පිරිසකට බලපෑම් එල්ලවී තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ දිස්ත්‍රික් 7ක පවුල් 26, 457කට අයත් පුද්ගලයින් 84,545 දෙනෙකු වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවය.

මේ අතර දිස්ත්‍රික් 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක පවුල් 24, 144කට අයත් පුද්ගලයින් 75,734 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා දීමේ කටයුතු ද මේ වන විට සිදුකෙරෙමින් පවතින බව සඳහන්ය.

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව ඇති බව ජනතාව පවසයි.

මේ අතර ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට විටින් විට වැසි බලාපොරොත්තු වන බවය.

මේ අතර කුකුළේගඟ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ලැබී ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් එම ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර තිබේ.

ජනප්‍රිය පුවත්  වාහන ''බට්" කරන මන්ත්‍රී නිදහසේ!

මේ හේතුවෙන් තත්ත්පරයට ඝන මීටර් 20ක ජල ප්‍රමාණයක් කුඩා ගඟට මුදාහරින බව කුකුලේගඟ ජල විදුලි බලාගාරයේ ජලාශය භාර ඉංජිනේරුවරයා පැවසුවේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x