ඉදිරියේදී විදුලි කප්පාදුවක්?
1 min read
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ එල්නිනෝ තත්ත්වය සමඟ ඉදිරියේ දී විදුලි ඉල්ලුම ඉහළ යා හැකි අතර ජල මූලාශ්‍ර සිඳි යාමත් සමඟ විදුලි උත්පාදනය පහළ යා හැකි බවයි.
එවැනි අවස්ථාවකදී විදුලි හිඟතාවයක් මතුවීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති K. P. L. චන්ද්‍රලාල් මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මත පදනම් වූ විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ මිල ගණන් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් අද (24) පැවති මාධ්‍ය හමුව අමතමිනි.
