පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දැනුවත් කිරීමේ හමුව කල් දමන ලෙස නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්..
1 min read
විනිසුරුවරුන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීමේ යෝජිත ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දැනුවත් කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්රේමදාස විසින් යෝජනා කර තිබූ විශේෂ දැනුවත් කිරීමේ රැස්වීම කල් දමන ලෙස ශ්රී ලංකා නීතිඥ සංගමය (BASL) ඉල්ලා තිබේ.
ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය විසින් මේ බව සඳහන් කරමින් විපක්ෂ නායකවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.
මෙම ජාතික වැදගත්කමක් ඇති කාරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ සහ විපක්ෂයේ එකඟතාවක් ඇති කරගනිමින්, ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්රී ලංකා නීතිඥ සංගමයේ ගැටලු මන්ත්රීවරුන්ට වඩා හොඳින් අවබෝධ කර ගැනීමට අවස්ථාවක් නිර්මාණය වනු ඇතැයි නීතිඥ සංගමය අපේක්ෂා කරයි.
කෙසේ වෙතත්, 2026 අගෝස්තු 19 වැනි දින පාර්ලිමේන්තු ක්රියාදාමය සහ රජය විසින් ප්රකාශයට පත් කරන ලද ස්ථාවරය හමුවේ, මේ සම්බන්ධයෙන් කිසිදු දේශපාලන එකඟතාවක් මෙන්ම ආණ්ඩු පක්ෂ මන්ත්රීවරුන් වෙත මෙම අවස්ථාව ලබා දීමට රජයේ කිසිදු උනන්දුවක් නොමැති බව පෙනී යන බව BASL පෙන්වා දෙයි.
විපක්ෂය දැනටමත් මෙම යෝජිත ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට දැඩි විරුද්ධත්වය ප්රකාශ කර ඇති පසුබිමක, මෙම දැනුවත් කිරීමේ හමුව ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන්ට මේ පිළිබඳව අපක්ෂපාතීව සිතා බැලීමට බෙහෙවින් ප්රයෝජනවත් වීමට ඉඩ තිබූ බව සඳහන්.
එබැවින්, මෙම සංශෝධනය සඳහා පාර්ශ්ව දෙකේම සහභාගීත්වය තහවුරු වන තෙක් මෙම දැනුවත් කිරීමේ රැස්වීම කල් දමන ලෙස ඉල්ලා සිටින නීතිඥ සංගමය, මෙම ව්යවස්ථාමය විවාදය තුළ ප්රගතිශීලී පියවරක් ලෙස මෙම දැනුවත් කිරීමේ හමුව යෝජනා කරමින් එය සංවිධාන කිරීමට දරන ලද උත්සාහය පිළිබඳව ද විපක්ෂ නායකවරයාට සිය ස්තූතිය ද පුද කර සිටි.
