September 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පලෙයි කැලේ අක්කර 49ක දැවැන්ත රහස් කඳවුරක්…. කොටි නැවත සටනට අර අදිනවා දැයි සැක…!

1 min read

පලෙයි ප්‍රදේශයේ රජයේ රක්ෂිතයක අක්කර 49ක පමණ භූමි ප්‍රමාණයක් එළිපෙහෙළි කරමින් රහසිගත පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට සැකයක් පවතින බව අන්තර් මහාද්වීපික මානව හිමිකම් කොමිසම (IC Human Rights Commission) පවසයි.

එම කොමිසමේ විධායක අධ්‍යක්ෂ සංගීත් ජයසේකර පවසන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත ලිඛිතව කරුණු ඉදිරිපත් කර ඇති බවයි.

පලෙයි ප්‍රදේශයේ අදාළ රක්ෂිතය තුළ කිසිදු රජයේ අනුමැතියකින් තොරව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකරමින් පවතින බවත්, එහි පුද්ගලයින් 100-150ත් අතර පිරිසක් සේවය කරන බවත් ඔහු අනාවරණය කරයි.

මෙය එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරක් හෝ බෝම්බ නිෂ්පාදනාගාරයක් ලෙස භාවිත කිරීමට සූදානම් වන්නේ ද යන්න පිළිබඳව ප්‍රදේශවාසීන් සහ නිලධාරීන් අතර දැඩි සැකයක් මතුව ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.

මෙම ව්‍යාපෘතිය පිටුපස රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත්, මෙය විදේශීය ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් බවට සැක කරන බවත් සංගීත් ජයසේකර සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගත් අඩවි වන නිලධාරියාට සහ ඔහුගේ බිරිඳට යම් කණ්ඩායමකින් මරණ තර්ජන එල්ල වී ඇති බවත්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වහාම කුරුණෑගල ප්‍රදේශයට මාරු කර යවන ලෙසත් ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ජනප්‍රිය පුවත්  කඩිමුඩියේ සංවර්ධන කටයුතු ආරම්භ කළ නුවරඑළිය රෝස තැපැල් කන්තෝරුවේ අකුණු සන්නායකය අතුරුදහන්! | වටිනාකම කෝටි දාහක්!

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම ස්ථානය පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ද ඔහු අවධාරණය කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x