January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇමති විජිතගේ නෝනා අතුරුදහන්! වසර 20ක් සිරගෙට!!

1 min read

අමාත්‍යවරයකු වීමෙන් පසුව 2025.06.30 දාතමින්, විජිත හේරත් මහතා ලබාදෙන ලද වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව, ඔහුගේ විවාහක බිරිඳ අතුරුදහන්ව තිබේ. එහි කිසිදු තැනක, බිරිඳගේ නම හෝ ඇය නමින් ඇති දේපළ හෝ කිසිවක් සදහන් කොට නැත.

වත්කම් බැරකම් ප්‍රකාශ පිරවීමේදී පුරවන පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් පිළිබඳ විස්තර ද ඇතුළත් කළ යුතුව තිබේ. ඔවුන් නමින් පවතින වත්කම් ද ඊට ඇතුළත් කළ යුතුව ඇත. නමුත්, විජිත හේරත් අමාත්‍යවරයා තම විවාහක බිරිඳ පිළිබඳ කිසිදු සඳහනක් එහි සිදුකර නැත. ඇතැම් විට, ඇයගේ නමින් විශාල දේපළ හා වත්කම් ප්‍රමාණයක් තිබීම ඊට හේතුවන්නට ඇතැයි සැක කළ හැකිය.

ඒ අතරම, විජිත හේරත් අමාත්‍යවරයා නමින් වානිජ ගොඩනැගිල්ලක් සහ නේවාසික ගොඩනැගිල්ලක් තිබෙන බව එම ප්‍රකාශනයේ දක්වා තිබේ. නේවාසික ගොඩනැගිල්ල අක්කරයකුත්, පර්චස් 26ක ප්‍රමාණයේ ඉඩමක පිහිටා ඇතැයි එහි දක්වා ඇති අතර, පර්චස් එකක වටිනාකම රුපියල් 7000ක් ලෙස දක්වා තිබේ. ඉඩම් පිළිබඳ වටිනාකම දන්නා තක්සේරුකරුවකු අප හා පැවසුවේ ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයක ඉඩම් පර්චසයක් රුපියල් 7000කට නොමැති බව ය.

ජනප්‍රිය පුවත්  පොලීසියේ දඬුවම් මාරු ලෙසටම!

මීට අමතරව, අමාත්‍ය විජිත හේරත්ගේ අයිතියට මෝටර් කාර් 2 තිබෙන අතර, ටොයෝටා ඩබල් කැබ් වර්ගයේ එම මෝටර් රථ දෙකේ වටිනාකම දක්වා ඇත්තේ රුපියල් මිලියන 27ක් හෙවත් රුපියල් ලක්ෂ 270ක් ලෙස ය.

කිසිදු රැකියාවක් නොකර, ලැබෙන වැටුප් හා දීමනා පවා පක්ෂ අරමුදලට ලබාදී කටයුතු කරන ජ.වි.පෙ. නායකයකුට මෙපමණ වත්කමක් හිමිව ඇත්තේ කෙසේ ද යන්න විමතියට කරුණකි.

වත්කම් බැරකම් ප්‍රකාශ තුළ අසත්‍ය කරුණු දැක්වීම හා සම්පූර්ණ තොරතුරු ඇතුළත් නොකිරීම වසර 20කට වැඩි සිරදඩුවම් නියම වන වරදකි. අන් වැරදි තොරතුරු කෙසේ වෙතත්, සිය බිරිඳගේ තතු වසන් කිරීමෙන්ම විජිත හේරත් අමාත්‍යවරයා වසර 20කට වැඩි සිර දඩුවමකට නියත වශයෙන් හිමිකම් කියයි

දිනිති විජයරත්න underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x