September 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

1 min read

මෙරට ඇතිවූ “ඊනියා අරගලය” තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

දෙරණ නාළිකාවේ “අලුත් පාර්ලිමේන්තුව” දේශපාලන සංවාද වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා ඇත.

එහිදී අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා පෙන්වා දෙන්නේ, අරගලය පිටුපස ක්‍රියාත්මක වූ සැලසුම්ගත දේශපාලන ක්‍රියාවලිය සහ ඊට රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ වූ ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස විශ්ලේෂණය කළ යුතු බවයි.

වික්ටෝරියා නූලන්ඩ්, ජූලි චන්ග් මෙම අරගලයට මැදිහත් වූ ආකාරය සහ අරගලයේ පළමු සැලසුම මෙන්ම දෙවන සැලසුමද ක්‍රියාත්මක වීමට තිබූ ආකාරය ගැනත් ඒ මහතා මෙහිදී සුවිශේෂී හෙළිදරව්වක් සිදුකරයි.

ඡන්දයකින් මේ රටේ බලයට පැමිණීමට නොහැකි වූ රනිල් වික්‍රමසිංහ මහතාට දේශීය සහ බටහිර බලවේග ක්‍රියාත්මක වී ජනාධිපතිකමට පත්වීම සඳහා පාරකැපූ ආකාරයත් මෙහිදී ජයන්ත සමරවීර මහතා අනාවරණය කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x