ඇත්දත්ගල හිමිනමකට දන් වළඳා යද්දී අලියකු ගහලා
1 min read
මීගලෑව ඇත්දත්ගල ආරණ්‍ය සේනාසනයේ දන් වැළඳීමට පැමිණ ආපසු භාවනා අසපුව කරා යමින් සිටි හිමිනමක් වන අලි ප්‍රහාරයකට ලක්ව අපවත්වී ඇත. මෙලෙස අපවත්වී ඇත්තේ ඇත්දලගල ආරණ්‍ය සේනාසනයේ නවාතැන් ගෙන සිටි කොබෙයිගනේ ගුණරතන නමැති 71 හැවිරිදි හිමිනමකි.
මෙම හිමිනම පසුගියදා (08 වැනිදා) උදෑසන දාන ශාලාවට පැමිණ දන් වළඳා ගියද දහවල් දානය සඳහා උන්වහන්සේ නොපැමිණීම මත ස්වාමින්වහන්සේලා විසින් උන්වහන්සේ ගැන සොයා බලා ඇත.
එම අවස්ථාවේ කැලෑව තුළින් භාවනා කුටිවලට යන මග තිබී මිය ගිය ස්වාමීන් වහන්සේගේ දේහය හමුවී ඇත. ඇත්දත්ගල ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේලා 19 නමක් භාවනානුයෝගීව වැඩවෙසෙති.
මෙම ප්‍රදේශය වන අලි බහුලව ගැවසෙන කැලෑ ප්‍රදේශයක් වන අතර විටින් විට අලින්ගෙන් හානි සිදුවන බව ප්‍රදේශවාසීහු පවසති. මීගලෑව පොලිසිය සහ වන ජීවී කාර්යාලය හිමිනමගේ මරණය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.
