විජේබාලන් තුෂාරව අද හෙට ගන්නැයි ඉල්ලයි !
1 min read
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල (ආනන්ද විජේබාලන්) පොලීසියේ සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂකවරයකුට දුරකථනයෙන් අමතා විමසා ඇත්තේ “කුරුණෑගල තුෂාරයව ඉක්මනින් ගන්න බැරිද?” යනුවෙනි.
මෙම දුරකථන ඇමතුම අමාත්‍ය ආනන්ද විජේපාල විසින් අදාළ උපපොලිස් පරීක්ෂකවරයාට ලබා දී ඇත්තේ ඊයේ (10) පෙරවරුවේ දී ය. එයට පිළිතුරු දෙමින් උපපොලිස් පරීක්ෂකවරයා පවසා ඇත්තේ, “තවම පරීක්ෂණ ඉවර නෑ සර්. “මනිලොන්ඩ්රින්” (මුදල් විශුද්ධිකරණ) චෝදනාව යටතේ ගන්න පුළුවන්. හැබැයි තව සතියක් විතර ඕනා” යනුවෙනි.
මෙහි දී ආනන්ද විජේපාල අමාත්‍යවරයා “කුරුණෑගල තුෂාර” යනුවෙන් හඳුන්වා දී ඇත්තේ කුරුණෑගල මහනගර සභාවේ හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණව ය.
මෙරට පොලීසිය බාර ඇමතිවරයා පොලීසියේ උපපොලිස් පරීක්ෂකවරයකුට කතා කර, කෙනෙක් අත්අඩංගුවට ගැනීමට පෙළඹවීම මගින් පෙනී යන්නේ, පොලීසිය දේශපාලනීකරණය වී ඇති ප්‍රමාණය බව පොලීසිය තුලම මේ වන විට සාකච්ඡාවට ලක්වෙමින් තිබේ.
- ගමිඳු ගුණවර්ධන
