September 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

22 “රිවර්ස්” ? ජනපති – නීතිඥ සංගමය හමුවීම 12 !

1 min read

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් හමුවීමට ජනාධිපති අනුර කුමාර ලබන බදාදා (12) දවල් 1 ට කාලවේලාව ලබා දී තිබේ. අපගේ ආරංචිමාර්ග ප්‍රකාශ කරන පරිදි, මෙම හමුවෙන් අනතුරුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කල් දමනු ඇතැයි පැවසේ.

සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් අගරදගුරු, කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් හමු වූ විට මාධ්‍යයට හෙළි නොකරන ලෙස පවසමින් කාදිනල්තුමන් ද පවසා ඇත්තේ තමන් මෙවැනි සංශෝධනයක් ඉල්ලා නොසිටිය බවයි. “අප ඉල්ලා සිටියේ පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක්. එහෙම නැතුව මෙහෙම එකක් නොවෙයි. අපට තියෙන ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන සංශෝධනයක් ගැනයි අපි කිව්වෙ. බුද්ධාගමට ලැබී ඇති තත්ත්වය එලෙසම තබාගෙන, අළුතෙන් හැදෙන බෝන්අගේන් වගේ ඒවාට අපේ මිනිස්සු කඩල ගන්න බැරි විදියේ පුළුල් ව්‍යවස්ථා සංශෝධනයකුයි අපේ ඉල්ලීම වුණේ.” යනුවෙන් ද කාදිනල්තුමන් එහි දී වැඩිදුර සිය ස්ථාවරය පැහැදිලි කර තිබේ.

මෙම හමුවට සහභාගි වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ රියන්සි අර්සකුලරත්න ද යෝජිත 22 වැනි සංශෝධනය විසින් සිදුකරන හානිය පිළිබඳව කාදිනල්තුමන්ට කරුණු පෙන්වා දී තිබේ.

ජනප්‍රිය පුවත්  තම නඩුව තමන්ම අහන සූරසේනගේ “හරිම බඩු පහ” මෙන්න !

අපගේ ආරංචිමාර්ග පවසන පරිදි, මෙම හමුවෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර අමතා ඇති කොළඹ අගරදගුරු, කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් 22 වැනි සංශෝධනයට තම එකඟත්වය නොමැතිබව දැනුම් දී තිබේ. ජනාධිපතිවරයා කරුණු පැහැදිලිකරදෙමින් කාදිනල්තුමන්ගේ ස්ථාවරය වෙනස් කිරීමට උත්සාහ දරා ඇතත් එය සාර්ථක වී නොමැති බව අපගේ ආරංචිමාර්ග පවසයි.

කාදිනල්තුමන්ගේ මෙම දැනුම්දීමෙන් පසු 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය තවදුරටත් ඉදිරියට ගෙනයාම අවදානම් බව පෙනී ගොස් ඇති ජනාධිපතිවරයා, ඒ පිළිබඳ නිශ්චිත තීරණයක් ගන්නා තුරු මහානායක හිමිවරු බැහැදැකීම ද නොකර සිටීමට තීරණය කර තිබේ. පසුගිය ඉරිදා (09) සූදානම් කර තිබූ පරිදි ජනාධිපතිවරයා මහනුවර නොගියේ එබැවිනි.

මේ තත්ත්වය තුළ, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම පිළිබඳ දෙගිඩියාවකට ලක්ව ඇති ජනාධිපතිවරයා, ඒ පිළිබඳව තම ඉහළ දේශපාලන අධිකාරිය සමඟ සිදුකරන ලද සාකච්ඡාවලින් පසු ශ්‍රී ලංකා නීතිඥ සංගමය හමුවීමට දිනය සහ වේලාව ලබා දී තිබේ.

මෙම සාකච්ඡාවෙන් පසුව, අදාළ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පිළිබඳ ගනු ලබන තීරණය ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයා ඇතුළු ඉහළ දේශපාලන අධිකාරිය තීරණය කර තිබේ.

ජනප්‍රිය පුවත්  සූරේෂ් සලේව නිරුවත් කළ බව CIDය පිළිගත්තා.. - සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

අපගේ ආරංචිමාර්ග පවසන්නේ “නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ දී මේ සංශෝධනය ද ඇතුළත් කරන බැවින්, දැනට මෙම සංශෝධනය පමණක් ගෙන ඒම සිදු නොකරන බවයි” යන අන්දමේ ප්‍රකාශයකින් එය කෙළවර විය හැකි බවයි.

  • ප්‍රවීන් මුතුගල
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x