September 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පොල්තෙල් ආනයන සමාගම් 5ක් රු.මිලියන 2891ක් රජයට බදු පොලු තියලා..

1 min read

පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කළ සමාගම් පහක් පසුගිය 2024 වසරේ හිඟ බදු ලෙස රුපියල් මිලියන 2,891ක් ගෙවිය යුතුව ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීර පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය. මෙලෙස ගෙවීමට ඇති හිඟ බදු ප්‍රමාණයෙන් මිලියන 2,723ක් එකතු කළ අගය මත බද්ද (VAT) වන අතර මිලියන 168ක් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

මෙම සමාගම් පහට අදාළ තක්සේරු ඉදිරිපත් කර තිබෙන අතර, එම සමාගම් ඒ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කර ඇති බවද ඇමැතිවරයා පැවසීය.

එසේ වුවද කිසිදු සමාගමකට සහන ලබා දී නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

අනෙක් සමාගම එම වසරට අදාළව එකතු කළ අගය මත බද්ද ලෙස රුපියල් මිලියන 2,429ක් හා සමාජ ආරක්ෂණ බද්ද ලෙස රුපියල් මිලියන 434ක් ගෙවා තිබෙන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

2024 සිට මෙම වසරේ ජූනි මාසය දක්වා කාලයට හිඟ බදු ලෙස රුපියල් මිලියන 9,700ක් ගෙවීමට ඇති බව කී ප්‍රශ්නය විමසූ මන්ත්‍රීවරයා, එතරම් කාලයක් බදු අයකර නොගැනීම සැකයට හේතුවක් බවත් පැවසීය.

ජනප්‍රිය පුවත්  මේ වාරේ ගම්මිරිස් අස්වැන්න ගොඩක් සරුයි…. තේක්ක ගස් 200කුත් විකුණනවා…! - ඇමති සමන්ත විද්‍යාරත්න…

ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේ ප්‍රමාදයට හේතුව අභියාචනා ඉදිරිපත් කර තිබීම බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය:

“2024 වසරේදී එච්.එස්. (HS) කාණ්ඩ හතරක් යටතේ පොල්තෙල් ආනයනය කර තිබෙනවා. මෙම එච්.එස්. කාණ්ඩ හතර යටතේම පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කර තිබෙනවා. සමාගම් හයක් අතරින් එක් සමාගමක් එකතු කළ අගය මත බද්ද හා සමාජ ආරක්ෂණ බද්ද ගෙවා තිබෙනවා. අනෙක් සමාගම් පහම එම බදු ගෙවා නැහැ. එය අය කර ගැනීම සඳහා එම සමාගම්වලට තක්සේරු වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. 2024 වසරේ කාර්තු හතර සඳහා එම සමාගම් හිඟ බදු ලෙස රුපියල් මිලියන 2,891ක් ගෙවිය යුතුව තිබෙනවා. මිලියන 168ක් සමාජ ආරක්ෂණ බදු ලෙස ඒ අය විසින් ගෙවිය යුතුව තිබෙනවා. ඒවාත් හිඟ බදු ලෙස ගණනය කර තිබෙනවා. තක්සේරු නිකුත් කර ඇති එක සමාගමකින් අභියාචනා ඉදිරිපත් කර ඇති අතර එය විභාග කරමින් පවතිනවා. මෙම කිසිදු සමාගමක් සඳහා අදාළ බදු වෙනුවෙන් සහන ලබා දී නැහැ.

ජනප්‍රිය පුවත්  EPF සහ ETF එකතු කිරීමේ කැබිනට් තීන්දුව හමුවේ වෘත්තීය සමිතිවලින් ප්‍රබල විරෝධයක්!

මේ සමාගම් අතරින් එක සමාගමක් හරියට බදු ගෙවා තිබෙනවා. අනිත් සමාගම් විවිධ තර්ක ඉදිරිපත් කරනවා. ඒ නිසා මේක නීතිපති දෙපාර්තමේන්තුවටත් යොමු කර මතය විමසා තිබෙනවා. මන්ත්‍රීවරයා කියන විදිහට සංඛ්‍යාලේඛන නිවැරදි නැහැ. මේ ආයතනවල නිෂ්පාදන ක්‍රියාවලියක් සිදු නොවන බව හුවා දක්වන්නට සමාගම් උත්සාහ කරනවා. අභියාචනා විමසන අවස්ථාවක හිඟ බදු අය කර ගන්න බැහැ. ඒ නිසා ඒ අභියාචනය විමසා අවසන් කළ යුතුයි. අවසන් තීන්දුව එනකල් මේ බදු අය කර ගැනීම අපහසු වී තිබෙනවා, මොකද බදු ගෙවන්නා එකඟ නැති නිසා.”

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x