August 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩෙංගු මරණ 63 දක්වා ඉහළට

1 min read

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 63 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 88,000ට ළංවී තිබේ.

ඒ අනුව ඊයේ (05) වන විට මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් රෝගීන් 88,088ක් වාර්තා වී ඇති බවද එම ඒකකය සඳහන් කළේය.

මෙම මස ගෙවුණු කාලසීමාව තුළ පමණක් ඩෙංගු රෝගීන් 2,739ක් වාර්තා වී ඇත.

ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර,එය ප්‍රතිශතයක් ලෙස 21.27%කි.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,490ක්ද, මහනුවරින් 6,195ක්ද, මාතරින් 5,910ක්ද කළුතර දිස්ත්‍රික්කයෙන් 5,753ක් ලෙසද වාර්තා වෙයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x