June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආණ්ඩුවේ ලොක්කන්ට පොදු දේපළ පණතින් ඔන්ද ස්පොට් ඇප!

1 min read

නාගරික සංවර්ධන අධිකාරියේ රාජකාරී කරන සමයේදී රජයට සිදුකරන ලද දැවැන්ත පාඩුවක් පිළිබඳ චෝදනා මත අත්අඩංගුවට ගෙන, පොදු දේපළ පණත යටතේ උසාවිය හමුවට ඉදිරිපත් කරන ලද, නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සම්පත් රත්නායක සහ හිටපු ඉඩම් අධ්‍යක්ෂ වීරවංශ පෙරේරා යන දෙදෙනාට, ඊයේ (11) ඇප ලබා දෙන ලදී.

සාමාන්‍යනේ පොදු දේපළ පණත යටතේ චෝදනා ගොනු කර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, සුවිශේෂි හේතු මත හැර චූදිතයන්ට ඇප ලබාදීමට එම අධිකරණයට බලයක් නැත. සියල්ලන්ම පුදුමයට පත් කරමින් මෙම දෙදෙනාට පමණක් කිසිදු සුවිශේෂී හේතුවකින් තොරව, අධිකරණයට ඉදිරිපත් කළ මොහොතේ ම ඇප ලබාදී තිබේ. මීට හේතු වී ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු ඉඩම් අධ්‍යක්ෂ වීරවංශ පෙරේරා පසුගිය පළාත් පාලන මැතිවරණයට මාලිමාව ලකුණින් අවිස්සාවේල්ල ප්‍රාදේශිය සභාවට තරඟ වැදී තිබීම ය.

නාගරික සංවර්ධන අධිකාරියේ රාජකාරී කරන සමයේ මේ දෙදෙනාම උග්‍ර එ.ජා.ප. හිතවාදීන් වූහ. ඒ වන විට මෙම තනතුරුවල සිටි නිලධාරීන් කපා දමා මේ දෙදොනාව අදාළ තණතුරු වලට පත්කර ඇත්තේ ද රනිල් වික්‍රමසිංහ පාලන සමයේදී ය. පසුව මාලිමාවට එකතු වීම මත ”ඔන්ද ස්පොට්” ඇප ලැබීමේ වාසනාව ඔවුන්වෙත හිමිව තිබේ! මෙමගින් ආණ්ඩුව අධිකරණය හා නීතිය අවභාවිතාවේ යවන අන්දම මනාව පැහැදිලි වන බව නීති කෙෂ්ත්‍රයේ කතා බහට ලක්වෙමින් තිබේ.

ජනප්‍රිය පුවත්  අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ සැකකරුවන් අධිකරණයට!

ප්‍රභාත් සිරිමෙවන් underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x