August 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

යාපනය රදගුරු පදවියේ පූජක පැවිදි සියලු දෙනා යාපනයේ සෙම්මනි සමූහ මිනිවළෙහි වළලා ඇති අතුරුදහන් වූ ලැයිස්තුවට එක්ව සිටින පිරිස් ගැන යුක්තිය ඉල්ලා විරෝධතා පා ගමනක්

1 min read

යාපනය රදගුරු පදවියේ පූජක පැවිදි සියලු දෙනා ජූලි මස 30 වැනිදා යාපනයේ සෙම්මනි සමූහ මිනිවළෙහි වළලා ඇති අතුරුදහන් වූ ලැයිස්තුවට එක්ව සිටින පිරිස් ගැන යුක්තිය ඉල්ලා විරෝධතා පා ගමනක් පවත්වන ලදී.
ගෞරවාන්විත මරණයක් කිතුනු ඇදහිල්ල අනුව සෑම මිනිසෙකුටම ගෞරවාන්විත මරණයක් ලබා දීම කිතුනුවන්ගේ යුතුකමකි.


යාපනයේ චෙම්මනි සිත්තුපාත්තු සූසාන භුමිය ආසන්නයෙන් මෙම සමූහ මිනිවළ මුල්වරට සොයාගත්තේ 1998 වසරේදීය. පාසල් සිසුවියන් සමූහ දූ ෂණය හා ම රා දැමීමට අදාල නඩු විභාගයකදී හමුදා සෙබලෙකු විසින් කරන ලද හෙළිදරව් කිරීමක් නිසා එහි කැනිම් 1999 දී ඇරඹු අතර පළමු වටයේදී මළ සිරුරු 15 ක අස්ථි කොටස් හමුවිය.
මේ වන විට අදියර හයකදී කැණිම් කටයුතු කර ඇති අතර දැනට කුඩා ළමුන්, පාසල් සිසුන් යැයි හඳුනාගත හැකි අය ඇතුළු පුද්ගලයින් 480 කගේ අස්ථි කොටස් ගොඩගෙන ඇත. එය දැනට ලංකාවෙන් හමුවු විශාලම සමූහ සූසාන භූමිය බවට පත්ව ඇත. එහිදි හමුවු 429 අස්ථි සැකිල්ල පුද්ගලයෙකු වාඩි වී සිටින ආකාරයෙන් වළලා දමා තිබේ.
යාපනය, මන්නාරම, ත්‍රිකුණාමලය හා මඩකලපුව යන කතෝලික රදගරරු පදවි තුළ අතුරුදහන්වූවන් අතර කතෝලික පූජකතුමන්ලාද වෙති.

ජනප්‍රිය පුවත්  පුටු වංචාවට ශාන්ට ඇප | තවත් පෝලිමක් මග


යුක්තිය සඳහා කතෝලික නායකයින්ගේ මැදිහත්වීම දිගින් දිගටම සිදුවු අතර එහි දිගුවක් ලෙස මෙම සාමකාමි උද්ඝෝෂණය සැලකිය හැකිය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x