ඩෙංගු වැළඳුනු ළමුන් 50ක් රෝහල්වල | පැය 24කට වඩා උණ තියෙනවානම් වහාම කළ යුතු දේ…
1 min read
පැය 24 කට වැඩි කාලයක් උණ පවතී නම්, ළමුන් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්නැයි සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර සඳහන් කළේ, ඩෙංගු වැළඳුනු ළමුන් 50 දෙනෙකු පමණ මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
ඉන් හතරෙන් එකක් පමණ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ද, වෛද්‍යවරයා පැවසුවේය.
එම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් රෝහල් ධාරිතාව පිළිබඳ ගැටලු මතු විය හැකි බව, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර සඳහන් කළේ.
