July 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සලේගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම කල් තබයි

1 min read

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 21වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීම සිදු විය.

අද (17) දින පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා වැඩිදුර කරුණු ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 21වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x