July 18, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දිසාපති ප්‍රාදේශීය ලේකම් ග්‍රාම සේවක අපි කියන විදිහට වැඩ කරන්නේ නෑ… ඒ තනතුරුවලට අපේ තරුණයෝ දාන්න ඕන…! – නි. ඇමති එරංග ගුණසේකර….

1 min read

සමාජවාදී තරුණ සංගමයේ තරුණ තරුණියන් රාජ්‍ය යාන්ත්‍රණයට අන්තර්ග්‍රහණය විය යුතු බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.


ඒ, රාජ්‍ය යාන්ත්‍රණයේ දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීවරුන් ජාතික ජන බලවේගයේ මැති ඇමතිවරුන් කියන ආකාරයෙන්ම වැඩ නොකරන නිසා බවද නි. ඇමතිවරයා සඳහන් කරයි.


“මේ ඇවිල්ලා තියෙන්නෙ ආයෙ කාටවත් දෙන්න නෙවෙයි. අපි ආණ්ඩුවක් අරගෙන තියෙනවා, තාම රාජ්‍ය බලය අපි අරගෙන නෑ. ග්‍රාම සේවක අපි කියන විදියටම වැඩේ යනවාද සමහර තැන්වල? ප්‍රාදේශීය ලේකම් අපි කියන විදියටම වැඩේ යනවාද? දිසාපති අපි කියන විදියටම වැඩේ යනවාද? නෑ …


එහෙම නම් මොකක්ද වෙන්න ඕනෙ? මෙතන ඉන්න කෙල්ලො කොල්ලො රාජ්‍ය යාන්ත්‍රණයට එන්න ඕනෙ. ලංකාවේ පළවෙනි වතාවට මුදුනට අත තියලා තියෙනවා. සියලු දෙනා කලබල වෙලා තියෙන්නෙ. කවදාවත් ඒගොල්ලො හිතුවෙ නෑ එහෙම.


පරාදයි රනිල්ලා, ඒත් විනාශ වෙලා නෑ. පරාදයි සජිත්ලා, විනාශ වෙලා නෑ. පරාදයි නාමල්ලා, විනාශ වෙලා නෑ. අන්න ඒ විනාශ නොවුණු පිරිස දැන් තැන්තැන්වල නටන්න පටන් අරගෙන තියෙනවා. අපි මොකක්ද කරන්න ඕනෙ ? දේශපාලනිකව විනාශම කරලා දාන්න ඕනෙ.”

ජනප්‍රිය පුවත්  යුද්දේ පටන් ගත්තාට පස්සේ එක තෙල් නැවක් ආවේ නෑ! මිල වැඩි කළේ රටේ තිබ්බ තෙල්වල! විදුලි කප්පාදුවේ වගකීම ජනපතිට!


නි. ඇමති එරංග ගුණසේකර මේ බව පැවසුවේ පසුගියදා (12) මහරගම පැවති සමාජවාදී තරුණ සංගමයේ යූත් සමිට් වැඩසටහන අමතමිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x