තියුණු තණතුරු කාදිනල් අතට !
1 min read
1962 සිදු වූ හමුදා කුමන්ත්‍රණයෙන් පසුව, ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපති තණතුරට බෞද්ධ නොවන අයකු කවර ආණ්ඩුවක් විසින්වත් පත් නොකලේ, 1962 හමුදා කුමන්ත්‍රණය කතෝලික ආගම අදහන හමුදා ප්‍රධානින් එක්ව සිදුකරන ලද්දක් වන නිසාය. 1962 හමුදා කුමන්ත්‍රණයෙන් පසුව ප්‍රථම වතාවට කතෝලික ආගම අදහන නිලධාරියකු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හමුදාපති බවට පත්කරන ලද්දේ, කාදිනල්, අගරදගුරු මැල්කම් රංජිත්ගේ උවමනාවට අනුව ජනාධිපති අනුර කුමාර ය. 2024 දෙසැම්බර් 31 වැනි දා ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ එම ධූරයට පත්කරන ලද අතර, නැවත කාදිනල්, අගරදගුරු මැල්කම් රංජිත්ගේ නියෝගය පරිදි ඔහුගේ සේවා කාලය 2025 ජූලි 30 වැනි දින වසරක කාලයක් සඳහා ජනාධිපතිවරයා විසින් දිගු කරනු ලැබුවේ ය. එය ක්‍රියාත්මක වන්නේ 2025 අගෝස්තු 01 වැනිදා සිටය.
පසුගිය දා ප්‍රසිද්ධ මහජන රැස්වීමක් ඇමැතූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක හෙළිදරව් කලේ වත්මන් යුද හමුදාපතිවරයාගේ සේවය නැවත සේවා දිගුවක් ලබාදීමට කාදිනල්වරයා ජනාධිපතිවරයාට නියෝග කර ඇති බවයි. එම උත්සව සභාව අමතමින් මේ ගැන ඔහු ප්‍රකාශ කලේ මෙසේය.
“හමුදාපතිගේ නිල කාලය 08 වෙනි මාසෙ 02 වැනිදායින් අවසන්. කලින් දීර්ඝ කලා. දැන් නැවත දීර්ග කරන්න ඉල්ලුවා. 02 වැනිදා රෑ හමුදාපති අරන් ගියා පලතුරු වට්ටියක් කාදිනල්ගෙ ගෙදරට. දැන් ඔහුගේ නිල කාලය 2027 ජනවාරි හෝ පෙබරවාරි දක්වා දීර්ග කරනවා.
එහෙම කළාම, ඊළඟට ඉන්න මේජර් ජනරාල් නිලන්ත ප්‍රේමරත්න ඉවරයි. එයාගෙ හමුදාපති හීනේ ඉවරයි. මේජර් ජෙනරාල් උඩුගම ගෙදර යනවා. නලින් බණ්ඩාරනායක ගෙදර යනවා. ශාන්ත හේවගේ ගෙදර යනවා. මේ අයත් මේ රට වෙනුවෙන් වැඩ කළ මිනිස්සු. හැබැයි, කාටවත් එක දවසකට හමුදාපතිධුරය ලැබෙන්නෙ නෑ. ඊට පස්සෙ ආයෙම එන්න ඉන්නෙ ප්‍රනාන්දු කෙනෙක්.
මේ ළගදී ෆාදර්ලා ගොඩක් නවතින්නෙ හමුදා බංගලාවල. කෑම බීම ඇතුළු සියලු පහසුකම් හමුදාවෙන්. මේ ආණ්ඩුව යන්නෙ ඒ විදියට. මහානායක හාමුදුරුවො ළඟටත් ගිහින් මාස තුනකට පාරක් වැඳලා එනවා. හැබැයි වැඩේ යන්නෙ කාදිනල්ට ඕන විදියට. හමුදාපති කාදිනල්, CID කාදිනල්. සියල්ල වෙන්නේ කාදිනල් අතින්. හොඳවෙලාවට කාදිනල් පාප් වුණේ නැත්තෙ. එහෙම වුණානම් මේක වතිකානුවක් වෙනවා.”
චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කිරීමෙන් පසු අප කළ සොයා බැලීමක දී අණාවරණය වූයේ 2027 වසරේ මුල් කාර්තුව දක්වා දෙවැනි වරටත් වත්මන් යුද හමුදාපතිවරයාට සේවා දිගුවක් ලබා දුනහොත් එමඟින්, ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න, මේජර් ජෙනරාල් වයි.ඒ.බී.එම්. යහම්පත්, මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ, මේජර් ජෙනරාල් පී.ඩබ්ලිව්.එම්.එම්.ඩී. විජේරත්න, මේජර් ජෙනරාල් ඩී.ආර්.එන්. සිල්වා, මේජර් ජෙනරාල් කේ.ජී.එම්.එන්. සෙනවිරත්න යනාදින් සියල්ලම තමන්ට අයත් ඊලඟ උසස්වීම නොලබාම විශ්‍රාම යන ඉරණමට ලක්වනු ඇති බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක කාදිනල්, අගරදගුරු මැල්කම් රංජිත්ගේ උවමනාවට අනුව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්කරන ලද්දේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න ය. රහස් පොලීසියේ අධ්‍යක්ෂක ලෙස පත්කරන ලද්දේ විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර ය. ඒ බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ දී ම ප්‍රකාශ කර තිබේ.
තවත් බොහෝ සංවේදී රාජ්‍ය මර්මස්ථාන බඳු ස්ථානවල ප්‍රධාන තණතුර සඳහා පත්කර ඇත්තේ කාදිනල් අගරදගුරු මැල්කම් රංජිත්ගේ නිර්දේශය මත ආ පුද්ගලයන් ය. ජනාධිපති අනුර කුමාරගේ පුතා වූ කසුන් දිසානායක විවාහ වූයේ ද කතෝලික තරුණියකි. ඔහු විවාහය සඳහා කතෝලික ආගම වැළඳගත්තේ ය.
- ලහිරු මනම්පේරි
