July 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ධම්මිකගේ කිංග්ස්බරී හදල තියෙන ඉඩම තුට්ටුදෙකට බදුගන්න මෙහෙයුමක්

1 min read

ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත්ව පාලනය වන කොළඹ 01 පිහිටි රජයට අයත් අක්කර පහමාරකින් යුත් කිංග්ස්බරි හෝටල් භූමියට බදු ලෙස මෙතෙක් රජයට ගෙවා ඇත්තේ වාර්ෂිකව රුපියල් මිලියන 2.5 ක (ලක්ෂ විසිපහක) මුදලකි.

එනම් අක්කරයක් වෙනුවෙන් මාසිකව රුපියල් තිස්අටදාහක් වැනි ඉතා සුළු මුදලකි.

හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු මහතාගේ ගනුදෙනුවකට අනුව මෙම මුදල 2026 සිට මිලියන 5ක් දක්වා වැඩි කරගැනීමට කිංග්ස්බරී හෝටල් කළමනාකාරිත්වය එකඟව සිටි බවද මේ අතර වාර්තා වේ.

එහෙත් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවට අනුව මෙම ඉඩමේ සැබෑ වාර්ෂික කුලී වටිනාකම රුපියල් මිලියන 325 කි.

මේ අතර slleader වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ කෝටි 32 කට අධික මුදලක් රජයට අහිමි කරමින්, මෙම බද්ද යළිත් මිලියන 5කට ස්ථිර කරගැනීම සඳහා මේ දිනවල ජනාධිපති ලේකම් කාර්යාලයේ රහසිගත සාකච්ඡා පැවැත්වෙන බවයි.

කිංග්ස්බරි හෝටලයේ රහසිගත පිවිසුම් සහිත VIP Suite එකකදී ඇමතිවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ස්වරූපයෙන් වරදාන ලබාදෙමින් රජයට බරපතළ පාඩුවක් සිදුකිරීමේ ගණුදෙනුව මේ මොහොතේත් ක්‍රියාත්මක වෙමින් පවතින බවද එහි දැක්වේ.

ජනප්‍රිය පුවත්  පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේත් යළි බන්ධනාගාරයක් පිහිටුවීමට අතිවිශේෂ ගැසට්ටුවක්

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x