සූරසේන කොරහත් බිඳගෙන යයි !
1 min read
අධිකරණ සේවා සංගමයේ සම්මත වූ යෝජනාවෙන් පසුව ජනාධිපති අනුර කුමාර “ඔපරේෂන් සූරසේන” ක්‍රියාන්විතය අත්හැර දැමීමේ පැත්තට බර වී ඇතැයි පෙනීයාම නිසා, අගවිනිසුරු, දේවගැති, ප්‍රීති පද්මන් සූරසේනට යක්ෂයා වැහී ඇතැයි අපගේ ආරංචිමාර්ග අණාවරණය කරයි.
දේවගැති, අගවිනිසුරු සූරසේනගේ නියම උපන්දිනය (1961.01.12) අප විසින් අණාවරණය කිරීමත් සමඟ මෙම මද කිපුණු තත්ත්වය තවත් උග්‍ර වී ඇතැයි පැවසේ. ඔහුගේ උපන්දිනය අනුව, ඔහු මේ වනවිට සිටිය යුත්තේ විශ්‍රාම ගොස් ය. පසුගිය ජනවාරි 12 න් පසු සූරසේන අගවිනිසුරු ධූරයේ රැඳී සිටින්නේ නීති විරෝධීවය. එම කාලය තුළ ඔහු විසින් දෙන ලද නියෝග ද නීති විරෝධී බව පැහැදිලිය.
ජනාධිපති ලේකම් කාර්යාලයට හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සූරසේන යොමු කර ඇති ලේඛනවල ඔහුගේ විශ්‍රාම දිනය ලෙස දක්වා ඇත්තේ 2026.01.12 ය. මෙම තොරතුරු සියල්ල විනිසුරු ඉසුරු නෙත්තිකුමාර විසින් තමන්සතු කරගෙන ඇතැයි ද අපගේ ආරංචිමාර්ග අවධාරණය කරයි.
වැඩිදුරටත් අණාවරණය වන්නේ “ඔපරේෂන් සූරසේන” ක්‍රියාන්විතය හේතුකොටගෙන ජ.වි.පෙ. අභ්‍යන්තරයේද බෙදීමක් ඇති වී තිබෙන බවයි. ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා “ඔපරේෂන් සූරසේන” ක්‍රියාන්විතය දේශපාලන වශයෙන් තමන්ට අගතිය කැඳවනු ලබන්නක් බවට දැඩි ස්ථාවරයක් ගෙන තිබේ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා එම මතය මත පිහිටා, “ඔපරේෂන් සූරසේන” ක්‍රියාන්විතයට එරෙහි ඇතැම් ප්‍රධාන පෙලේ විනිසුරුවන් සමග සමීප සබඳතා පවත්වන බවද අප වෙත වාර්තා වී තිබේ.
මේ බව දැනගැනීමෙන් පසු බලවත් ලෙස කෝපයට පත් වී සිටින සූරසේන “මම තොපි ඔක්කොටම හොඳ පාඩමක් උගන්වන්නම්” යැයි පවසමින් කුමන හෝ ප්‍රතිචාරයකට සූදානම් වන බව අපගේ ආරංචිමාර්ග පවසයි. බොහෝ විට මෙය ආණ්ඩුව කෙරෙහි අහිතකරව බලපාන ප්‍රතිචාරයක් විය හැකි බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් අවධාරණය කර සිටී.
- දීපා ගමගේ
