June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පෙරෙට්ටන්ටත් පල දේ!

1 min read

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම අනුමත කරමින් හා එය උත්කර්ශයට නගමින් මත ඵල කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යක්කල පිහිටි ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය අද (02) පාන්දර 5ට පමණ ජ.වි.පෙ. කණඩායමක් විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන ඇත. ඒම කාර්යාලයේ රැදී සිටි පෙ.ස.ප. සාමාජිකයන් 4 දෙනෙකුට පහරදී පළවා හැර, එය අත්පත් කරගත් ජ.වි.පෙ. සාමාජිකයන් අතර මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා ද වෙතැයි පැවසේ.

යක්කල, ගම්පහ, වේයන්ගොඩ ආදී පොලිසි කිහිපයකින් එම කාර්යාලයට ආරක්ෂාව සළසා දී  ඇත. බලහත්කාරයෙන් කාර්යාලය අත්පත්කරගත් ජ.වි.පෙ. සාමාජිකයෝ ඉන් ඉවත් කිරීමට කිසිදු උත්සාහයක් නොගන්නා පොලීසිය, කාර්යාලය තුළට භාහිර කිසිවකුට ඇතුල් වීම වළකාලීමට කටයුතු කරමින් සිටින බව පැවසේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලද අවස්ථාවේදී ඒ පිළිබඳව සතුටින් ප්‍රකාශ නික්තු කළ පොරටුගාමීන්ට ද, වැඩිකල් යන්නට පෙර ජ.වි.පෙ. ‘ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයේ” රස බලන්නට සිදුවීම දෛවයේ සරදමක් බව බොහෝ දෙනා පවසති.

තරිදු මායාදුන්නේ underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x