July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොළඹ ඩෙංගු මඩින්න ගිය PHI ලා 8 කටත් ඩෙංගු

1 min read

ඩෙංගු මර්දනයේදී ඉතා වෙහෙසකර කාර්යභාරයක් සිදුකරන කොළඹ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 දෙනෙකුට ද ඩෙංගු රෝගය වැලදී තිබේ.

අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ, කොළඹ දිස්ත්‍රික් ශාඛාවේ සභාපති අමිත් කුමාර මහතා මේ බව අනාවරණය කළේය.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සෙසු පිරිසට ද ඩෙංගු වැලදී ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කය පුරාවට මේ වනවිට ඩෙංගු වසංගත තත්ත්වය වර්ධනය වෙමින් පවතින බවය.

ජූනි මාසය පුරා සිදුකළ ඩෙංගු වැටලීම්වලදී වගකීම් පැහැරහැරිය පුද්ගලයින් 1,186 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ අතර, ඒ මඟින් රුපියල් එක්කෝටි දෙලක්ෂ විසිපන් දහසක දඩ ආදායම් උපයා ගැනීමට හැකි වු බවද අමිත් කුමාර මහතා සඳහන් කළේය.

ජුනි මාසයේ විතරක් නිවාස 494කට, රජයේ සහ පෞද්ගලික ආයතන 134කට, පාසල් 4කට සහ ආගමික ස්ථාන 2කටත් නීතිමය පියවර ගෙන ඇති අතර, ඉදිරියේ දී ද කිසිදු තරාතිරමකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන බවද අමිත් කුමාර මහතා පැවසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x