විදේශීය සිරකරුවන් කලින් දවසේ මීගමුවෙන් මාරු කරලා..: නිලධාරියාගේ කතාව බරපතලයි – මුජිබර් රහුමාන්
1 min read
මීගමුව බන්ධනාගාරයේ ගැටුම ආරම්භ වූ ඉරිදා දිනයේ රැඳවියන් දෙදෙනෙකු මියයාම සිදුවූ විට බන්ධනාගාරයේ රඳවා සිටි විදේශීය සිරකරුවන් පිරිසක් හදිසියේම එතැනින් මාරු කර යවා ඇති බවත්, එදිනම මෙම ගැටුමට මූලික වූ පුද්ගලයන් හඳුනාගෙන එම ස්ථානයෙන් ඉවත්කිරීම සිදු නොකළේ මංදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රශ්න කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයා ඉදිරියේ “මේක නියපොත්තෙන් කඩන්න තිබූ දෙයක්” ලෙස බන්ධනාගාර නිලධාරියෙකු සිදුකර ඇති ප්‍රකාශය අතිශය බරපතල බවත් මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
බන්ධනාගාර තදබදය පිළිබඳව මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා දක්වා තිබියදී එයට විසඳුම් ලබා නොදීම පිළිබඳව ද ඔහු මෙහිදී ප්‍රශ්න කළේය.
