මීගමු බන්ධනාගාර ගැටුම: “අපට නියෝග ලැබුණා නම් තත්ත්වය පාලනය කරන්න තිබුණා” – බන්ධනාගාර නිලධාරීන් පවසයි
1 min read
මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ දැඩි නොසන්සුන්කාරී වාතාවරණය සහ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි සිටි බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර සිටින්නේ ඉහළින් නිසි නියෝග ලැබුණේ නම් තත්ත්වය මීට වඩා කඩිනමින් සහ සාර්ථකව පාලනය කිරීමට හැකියාව තිබූ බවයි.
ගැටුම හටගත් අවස්ථාවේදී ක්‍රියාත්මක වූ ආකාරය සහ එහිදී ඇති වූ අඩුපාඩු පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිලධාරීන් පෙන්වා දුන්නේ, එවැනි හදිසි අවස්ථාවකදී ක්ෂණික තීන්දු තීරණ ගැනීමට සහ උපදෙස් ක්‍රියාත්මක කිරීමට පවතින නීතිමය හා පරිපාලනමය බාධා හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් මතු වූ බවයි.
