July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මීගමුව බන්ධනාගාරය ඉදිරිපිට නොසන්සුන්තාවක්

1 min read

මීගමුව බන්ධනාගාර පරිශ්‍රය ඉදිරිපිට රැඳවියන්ගේ ඥාතීන් සහ ආරක්ෂක නිලධාරීන් අතර නැවත වරක් උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
තම ඥාතීන් බන්ධනාගාරය තුළ සිටින්නේ ද යන්න පිළිබඳව එහි සිටි පිරිස් නිලධාරීන්ගෙන් විමසීමට උත්සාහ කිරීමේදී මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇත.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන බන්ධනාගාර පරිපාලනය විසින් එහි රඳවා සිටින රැඳවියන්ගේ නාමලේඛනයක් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

මේ අතර, ආරක්ෂක හේතූන් මත මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් 800කට ආසන්න පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට ද බලධාරීන් පියවර ගෙන ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x