July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ෆේස් බුක් ඇමති !

1 min read

” මම තාම ෆේස්බුක් බැලුවෙ නෑ. ඒ නිසා මරණ ගණන දන්නෙ නෑ..”

පැය 48 ඇතුලත මනුෂ්‍ය ජීවිත 27ක් මළකඳන් වෙද්දී, ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා එහෙම කියනවා…

ආණ්ඩුව සම්පූර්ණයෙන්ම කරන්නෙ වගකීම් විරහිත”ෆේස්බුක්” දේශපාලනයක්…

මීගමුව බන්ධනාගාරය ඇතුළේ බන්ධනාගාර නිලධාරීන් 07 ක්ද ඇතුළුව මිනිස් ජීවිත 27ක් සජීවීව ඝාතනය වෙද්දී, තවත් සිය ගණනකගෙ ලේ වැගිරෙද්දී, මේ රටේ අධිකරණ සහ බන්ධනාගාර විෂය භාර කැබිනට් ඇමති හර්ෂණ නානායක්කාර මාධ්‍ය ඉස්සරහට ඇවිත් කියනවා “මම තාම මරණ ගැන දන්නේ නෑ, තාම ෆේස්බුක් බලන්න බැරි වුණා” කියලා!

මේකද තමුන්නැහේලා පොරොන්දු වුණු “වෙනස්ම දේශපාලන සංස්කෘතිය”..? මේකද මාලිමාවේ “වගකීම් සහගත රාජ්‍ය පාලනය”..?

හරිහමන් එකෙක් හිටියා නම් එතනදි කණට දෙකක් දීලා එලවන්න ඕන..

මේ ප්‍රකාශය ඇතුළෙ තියෙන්නෙ මොකක්ද..?

පැහැදිලිවම රාජ්‍ය තන්ත්‍රයේ බිඳ වැටීම සහ වගකීමෙ තියෙන සැහැල්ලුව නොවේද..?

රටක බන්ධනාගාරයක් ඇතුළේ මෙච්චර විශාල මිනිස් සංහාරයක් වෙද්දී, විෂය භාර ඇමතිවරයාට තත්පර ගණනකින් ඒ තොරතුර නිල රාජ්‍ය නාලිකාවලින්, බුද්ධි අංශවලින් හෝ අමාත්‍යාංශ ලේකම්වරුන් හරහා ලැබෙන්නෙ නැද්ද..?

ජනප්‍රිය පුවත්  රුපියලේ වැලලීම !

මොන විකාරයක්ද මේ…

හැබැයි ලංකාවේ අධිකරණ ඇමතිට රටේ සිද්ධවෙන මරණ ගැන දැනගන්න “ෆේස්බුක් ලොග් වෙන්න” සිද්ධ වෙලා තියෙනවා නම්, ඒකෙන් පෙන්නන්නේ මේ රටේ රාජ්‍ය තන්ත්‍රය සහ ආරක්ෂක යාන්ත්‍රණය කොච්චර බරපතල විදිහට බිඳ වැටිලාද කියන එකයි.

ඇමතිවරයාට රාජ්‍ය තොරතුරු ජාලය ගැන විශ්වාසයක් නැද්ද..? නැත්නම් ඔහු මුළු රාජ්‍ය පාලනයම ෆේස්බුක් එකට බාර දීලද..?

අධිකරණ ඇමතිවරයා විතරක් නෙවේ ජනාධිපතිවරයාගෙ සිට පහළට ආණ්ඩුවෙ මැති ඇමතිවරුන් එෆ්බී ඇඩික්ටඩ්..

ඒක ජනප්‍රිය රහසක්…

ඒ වචනවල වචනවල තියෙන සැහැල්ලුව සහ සහ නොමේරූකම කොච්චරද..?

“තාම ෆේස්බුක් බලන්න බැරි වුණා” කියන වචනය ඇතුළේ තියෙන්නේ නිකම්ම නිකන් නොදැනුවත්කමක් නෙවෙයි; ඒක ඇතුළේ තියෙන්නේ මේ ඛේදවාචකය දෙස ඇමතිවරයා බලපු අතිශය සැහැල්ලු සහ උද්ධච්ච ආකල්පයයි.

මිනිස්සු 27 දෙනෙක් මියගිය එක තමුන්නැහේලාට ෆේස්බුක් එකේ යන තවත් එක “ට්‍රෙන්ඩින් පෝස්ට්” එකක් විතරද..?

රාජ්‍ය පාලනය සහ දේශපාලන පරිණතභාවය කියන්නේ සටන් පාඨ කීමට වඩා හාත්පසින්ම වෙනස්, බරපතල වගකීමක් තියෙන වැඩක් කියන එක මේ ඇමතිවරු තාමත් තේරුම් අරන් නෑ.

ජනප්‍රිය පුවත්  පේ පෑල් හා කෑලි හාල්

ඔහු එතනදි කියනවා “ඇමතිවරයා විදියට වගකීම බාර ගන්න වෙනවානෙ” කියලා..

ඒකත් මහා දියාරු වගකීම බාර ගැනීමක් මිස ඉන් එහා ගිය මහ ලොකු මවුගෙ වස්ත්‍රයක් නෑ..

“වගකීම භාරගැනීම” නාට්‍යයක්ද?

මාධ්‍ය මයික් දිග් කරාම “මම වගකීම භාරගන්නවා” කියලා ලස්සන වචන දැම්මට, උණුසුම් අවස්ථාවේදී කටින් පිටවුණු අමන ප්‍රකාශයෙන් ඇමතිවරයා තමන්ගේ සැබෑ තරම ප්‍රදර්ශනය කරලා ඉවරයි.

වගකීම භාරගන්නවා කියන්නේ නිකම්ම පල්හේලි දොඩවන එකට නෙවෙයි.

තමන්ගේ අමාත්‍යාංශය යටතේ මෙවැනි මහා විනාශයක් වෙනකම් නිද්‍රාශීලීව සිටීම ගැන සහ රට හමුවේ කළ වගකීම් විරහිත ප්‍රකාශය ගැන වහාම ධුරයෙන් ඉල්ලා අස්වීමයි සැබෑ වගකීම භාරගැනීම කියන්නේ.

ඇමති හර්ෂණ නානායක්කාර මහතා නොදන්නවා වුණාට, දේශපාලන ආචාරධර්ම (Political Ethics) සහ කොන්දක් තියෙන නායකයෝ තමන්ගේ අමාත්‍යාංශය යටතේ වැරද්දක් වුණාම නිලතල විසි කරලා ගෙදර ගිය අවස්ථා ලෝක සහ ලංකා ඉතිහාසයේ ඕනෑතරම් තියෙනවා:

චණ්ඩියා වගෙ ” මම වගකීම බාර ගනිනවා කිව්වා නම් ” දැන් ඊලඟ පියවරට යන්න..

කයියෙන් නොව ආදර්ශයෙන් වැඩ පෙන්වන්න..

මේ ප්‍රකාශය තනිකරම රටේ සාමාන්‍ය පුරවැසියාගේ බුද්ධියට කරන නිගරු කිරීමක්.

ජනප්‍රිය පුවත්  ඇමරිකාවට පිටුපා චීනයට එක්වූ සෞදියේ මාරාන්තික රහස! (The End of US Dominance)

මේ ආණ්ඩුව තේරුම් ගත යුතු එකම දෙයක් තියෙනවා;

ජනතාව තමුන්නැහේලාව බලයට පත් කළේ ෆේස්බුක් එක බලබලා නිදහසට කරුණු කියන්න නෙවෙයි,
රටේ නීතිය සහ සාමය අකුරටම ඉටු කරන්නයි.

මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශ හරහා ආණ්ඩුව තමන්ගේ බංකොලොත්භාවය ලෙසටම ප්‍රදර්ශනය කරනවා..

වගකීම බාර ගත්තානම් දැන් ඊලඟ ස්ටෙප් එක වගවීමට යන්න..

නිලන්ත සත්සර ගමගේ ✍️

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x