July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අධිකරණ සේවා මහාසභාව වනසන හරිම බඩු 5 මෙන්න !

1 min read

ජූලි 18 දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ මහාසභා රැස්වීම, එයට අවශ්‍ය ගණ පූරණය අහිමිකර කඩාකප්පල් කිරීමේ දේවගැති මෙහෙයුම කරටගෙන ක්‍රියාකරන්නේ විනිසුරු පසන් අමරසේන (ඔහු අධිකරණ සේවා සංගමයේ සභාපතිද වේ.) බව අපි මීට දින 2 කට පෙර ඵළ කරන ලද “අධිකරණ සේවා සංගමයේ මහාසභා රැස්වීම කඩාකප්පල් කරන්න පසන් අමරසේන බරටම වැඩ” යන හිසින් යුත් පුවත මඟින් අපි අණාවරණය කළෙමු. (මේ සමග එම පුවතේ සබඳතාව දක්වා ඇත)

ඔහුට අතිරේකව, තවත් විනිසුරන් 4 දෙනකු මෙම මෙහෙයුමට සම්බන්ධව ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බව අප වෙත වාර්තා වී තිබේ. ජනාධිපති අනුර කුමාරගේ හා දේවගැති අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සෘජු අධික්ෂණය යටතේ මෙම ක්‍රියාන්විතය සිදුවන බව අපගේ ආරංචි මාර්ග අණාවරණය කරයි.

මේ හතරදෙනා අතර පළමුවැන්නා වනුයේ රන්දෙණියගේ මාලනී ඔගස්ට්‍රා පෙරේරා යන අතිරේක දිසා විනිසුරුවරිය යි. ඇය දැනට ගල්කිස්ස දිසා අධිකරණයේ දිසා විනිසුුරුවරිය ලෙස කටයුතු කරනු ලබයි. අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේනගේ සමීපතම හිතවතියක් වන ඇය මේ දිනවන කාලය ගතකරන්නේ, ඇයට වඩා කනිෂ්ඨ විනිසුරුවන් හා විනිසුරුවරියන් දුරකථනය මගින් අමතා, අධිකරණ සේවා මහා සභාවට නොපැමිණෙන ලෙස තර්ජනය කිරීමයි.

ජනප්‍රිය පුවත්  එක්සත් ජනපදය යටත් වේ! ඉරානය ජය ගනී!

පසන් අමරසේන, මේ මෙහෙයුමේ ප්‍රධානියා බව අපි පසුගිය පුවත මගින් ද අණාවරණය කළෙමු. කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල ද මෙම කුප්ප දේවගැති මෙහෙයුමේ නිරතව සිටින අයෙකි. මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් ද දේවගැති මෙහෙයුමේ ක්‍රියාත්මක විනිසුරුවරයෙකි. මීට අමතරව මෙම නිර්ලජ්ජිත දේවගැති මෙහෙයුමට දායක වී සිටින්නේ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ය. මේ වන විට ඔහු කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කරනු ලබයි.

මොවුන් නිර්ලජ්ජිතව දේවගැති සූරසේනව තව වසර 2 ක් අගවිනිසුරු පුටුවේ තබාගෙන සිටීම වෙනුවෙන් මෙම මෙහෙයුමේ නිරතවන්නේ ඒ මගින්, ඉදිරි උසස්වීම් කඩිනමින් ලබාගැනීමේ අරමුණ හේතුකොටගෙන ය.

අධිකරණ විනිසුරන් සතුව තිබිය යුතු දේශපාලන ගැතිභාවයෙන් තොරව, ස්වාධීනව ක්‍රියාත්මකවීමේ සදාචාරය බල්ලට දමා දේවගැති මෙහෙයුම කරටගෙන ක්‍රියාකරන සැවොම පිළිබඳව නුදුරු අනාගතයේ බිහිවන නව පාලනයක දී නිසි පියවර ගත යුතු බව, සෙසු අධිකරණ විනිසුරන්ගේ මතය වී තිබේ.

කුමන බාධා එල්ල කලද නියමිත පරිදි අධිකරණ සේවා මහාසභාව පවත්වනු ලබන බවත්, දේවගැති මෙහෙයුමට එරෙහි යෝජනාවක් එහි සම්මත කරගනු ලබන බවත් මේ පිළිබඳව අප හා අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු කියා සිටියේය.

ජනප්‍රිය පුවත්  සිනොපෙක් ඩො.බි.3.7ක ආයෝජනය ලත් තැනම ලොප්!

විපක්ෂයේ ප්‍රධාන පක්ෂ ද මේ තත්වය සමීපව අධ්‍යයනය කරමින් සියලු තොරතුරු එක් රැස් කරමින් සිටින බව ද වාර්තා වේ. විනිසුරන්ගේ අතිශය රහස්‍ය පුද්ගලික තොරතුරු ද ඒ අතර වෙතැයි අපගේ ආරංචි මාර්ග සනාථ කර සිටී.

  • දීපා මුදලිගේ –

පසන් අමරසේන

ඔගස්ට්‍රා පෙරේරා

රශාන්ත ගොඩවෙල

ප්‍රසන්න අල්විස්

රශ්මි සිංගප්පුලි

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x