July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බන්ධනාගාර කැරැල්ල පීඩනය පුපුරා යාමක් !

1 min read

මීගමුව බන්ධනාගාරය තුළින් පුපුරා ගියේ සිරකරුවන් හා රැඳවියන් දිගු කලක් තිස්සේ දරාගෙන සිටි දැවැන්ත පීඩනයක් බව බන්ධනාගාර ආරංචි මාර්ග අවධාරණය කරයි.

10,000 ක පමණ පිරිස් දාරිතාවකට සරිලන පහසුකම් ඇති මෙරට බන්ධනාගාරවල මේ වන විට 40,000 කට අධික සිරකරුවන් හා රැඳවියන් සිටිති. ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය විරෝධී සටන විසින් සිදුකරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතුවූවන් නොව, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයින් ගෙනැවිත් බන්ධනාගාර තුල පිරවීමය.

එමෙන්ම මේ වන විට බන්ධනාගාර රෝහල් සහ ඩිස්පෙන්සරි තුල පැරසිටමෝල් පෙත්තක්වත් රෝගීන්ට ලබා ගැනීමට නැති වී තිබේ. ඩෙංගු රෝගය ද බන්ධනාගාර ආශ්‍රිතව පැතිරයන්නේ සීඝ්‍රයෙනි.

ඇතැම් රැදවුම්කරුවන් රෑට නිදාගන්නේ හිටගෙනය. වැසිකිලි තුල ද නිදාගන්නට සිදුවීමේ ඉරණමකට සිරකරුවන් හා රැඳවියන් පත්ව තිබේ.

ආණ්ඩුව මෙය මත්ද්‍රව්‍ය සම්බන්ධ දෙපිරිසකගේ ගැටුමක්යැයි කීවද සිදුව ඇත්තේ කලක් තිස්සේ වර්ධනය වූ මෙම පීඩනය මීගමුව බන්ධනාගාර තුලින් පුපුරායාමය. බුද්ධි අංශ වාර්තා කර ඇත්තේ මෙය අනෙකුත් බන්ධනාගාර තුලට ද පැතිර යාහැකි ප්‍රවණතාවක් බවය.

ලංකාවේ ඉතිහාසයේ බන්ධනාගාර නිලධාරින් සිරකරුවන් වෙතින් මැරුම් කෑමට ලක් වූ ප්‍රථම අවස්ථාව මෙයයි. දැනට මරා දමා ඇති බන්ධනාගාර නිලධාරින් ගණන 7 කි.

  • ජීවක සිරිමාන්න –
ජනප්‍රිය පුවත්  ජ.වි.පෙ. මූලස්ථානයට දැඩි රැකවරණ
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x