July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රනිල් සහ ක්‍රිෂාන්ත කුරේ හමුවක් !

1 min read

පසුගිය 04 වැනිදා සවස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මල් පාරේ පිහිටි නිවසේ දී ඔහු සහ ජනාධිපති අනුර කුමාරගේ උපදේශකයකු හා “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙලේ අධ්‍යක්ෂවරයකු ද වන ක්‍රිෂාන්ත කුරේ අතර හමුවක් සිදුව තිබේ.

මෙම හමුව සිදුව තිබෙන්නේ ජනාධිපති අනුර කුමාරගේ ද අවබෝධය සහිතව බව අපගේ සමීප ආරංචිමාර්ග අවධාරණය කරයි. පුරා පැයක පමණ කාලයක් පැවැති මෙම හමුවේ දී සාකච්ඡා කළ කරුණු අණාවරණය වී නොමැත.

එහෙත්, ජනාධිපති අනුර කුමාරට සමීප ආරංචි මාර්ග පවසන්නේ, දෙපාර්ශවය අතර කිසියම් අවබෝධයක් ඇති කර ගැනීම පිණිස මෙම හමුව සිදුව තිබෙන බවයි.

එය ජනාධිපති අනුර කුමාරගේ අවශ්‍යතාවට අනුව සිදුවූ හමුවීමක් බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දේ.

  • තිලකා ජයමිණී –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x