July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ත්‍රස්තවාදය වැළැක්වීමේ යෝජිත පනත් කෙටුම්පත ගැන ජිනීවාවලින් ආණ්ඩුව රතු එළියක්

1 min read

යෝජිත ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත මගින් දැනට පවතින පනතේ අහිතකර තත්ත්වයන් තවදුරටත් වර්ධනය විය හැකි බවත්, එමගින් බරපතළ මානව හිමිකම් ගැටලු මතුවීමේ අවදානමක් පවතින බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ.

නව පනත් කෙටුම්පතෙහි ඇතුළත් ‘ත්‍රස්තවාදය’ පිළිබඳ නිර්වචනය ඉතා පුළුල් සහ අපැහැදිලි එකක් බව පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය, එමගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, රැස්වීමේ නිදහස සහ මාධ්‍ය නිදහස වැනි මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දැඩි ලෙස සීමා විය හැකි බවට අනතුරු අඟවයි.

ප්‍රමාණවත් අධිකරණ අධීක්ෂණයකින් තොරව සැකකරුවන් දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට පවතින ඉඩකඩ මෙන්ම, වධහිංසා පැමිණවීම් සහ අතුරුදන් කිරීම් වැනි සිදුවීම්වලට මෙමගින් මඟ පෑදිය හැකි බවට ද එම කාර්යාලය සිය කණගාටුව පළ කර ඇත.

විශේෂයෙන්ම පොලිස් අත්අඩංගුවේ පසුවන අවස්ථාවක ලබාදෙන පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීමේ ප්‍රතිපාදන ඉවත් කිරීම වැනි සාධනීය වෙනස්කම් නව පනතට ඇතුළත් විය යුතු බව ඔවුන් අවධාරණය කරයි.

ජනප්‍රිය පුවත්  ඩෙංගු වසංගතයට මුවා වෙමින් මොරටුව විශ්වවිද්‍යාලය හැඩ කළ ගස් ටික කපා දමයි!

පැරණි පනත ක්‍රියාත්මක කිරීමේදී සිදුවූ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ මානව හිමිකම් උල්ලංඝනයන් නැවත සිදු නොවන බවට වගබලා ගැනීම රජයේ වගකීමක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විරෝධී නීති රාමුව ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවලට අනුකූල වන බව තහවුරු කිරීම සඳහා සිවිල් සමාජය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ විවෘත සාකච්ඡාවක නිරත වන ලෙස ද ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

විවිධ පාර්ශවවලින් එල්ල වූ විවේචන සැලකිල්ලට ගනිමින් රජය මේ වන විට මෙම පනත් කෙටුම්පත නැවත සමාලෝචනය කරමින් පවතින බව ද වාර්තා වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x