July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වාහන පන්නා ඇත්තේ කොයි ජනාධිපතිගේ පුතාද?

1 min read

හිටපු ජනාධිපතිවරයකුගේ පුතෙකු නීති විරෝධී ලෙස නවීන සුඛෝපභෝගී වාහන මෙරටට ගෙන්වා විකිණීමේ ජාවාරමක් පිළිබඳව “දිනමිණ” පුවත්පත ඇතුළු රජයට හිතවත් මාධ්‍ය විසින් අණාවරණය කර තිබේ. එහෙත් එම කිසිදු මාධ්‍යයක් මගින් හිටපු ජනාධිපති කවුද ? යන්න හෙළිකර තිබුණේ නැත.

රේගු බදු මගහරිමින් රුපියල් මිලියන ගාණක් වටිනා සුඛෝපභෝගී වාහන නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) ඇතැම් නිලධාරින්ගේ සහාය ඇතිව ව්‍යාජ ලෙස ලියාපදිංචි කර ඇතැයි පැවසේ. එම වාහන නැව් බහාලුම් (කන්ටේනර්) තුළ රහසිගතව සඟවා සංවිධානාත්මක ලෙස මෙරටට ගෙන්වා තිබේ.

එලෙස ගෙන්වන ලද වාහන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) දූෂිත නිලධාරින්ගේ සහාය ඇතිව ව්‍යාජ ලෙස ලියාපදිංචි කර ඇත. එකී වාහනවලින් සමහරක් දේශපාලන සබඳතා ඇති වෙනත් ප්‍රමුඛ පුද්ගලයන්ගේ දරුවන් විසින් ද දැනට පරිහරණය කරනු ලබන බව ද හෙළිවී තිබේ.

මෙම ජාවාරමට සම්බන්ධ එක් සුඛෝපභෝගී වාහනයක් මීට පෙර CID භාරයට ගෙන ඇති අතර, එය දැනට ශ්‍රී ලංකා රේගුව බාරයේ පවතී. විමර්ශකයන් අදාළ ජාවාරම පිළිබඳ අණාවරණය කරගෙන තිබෙන කරුණු අනුව, මෙම වාහන ගෙන්වා ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන විසිණි.

ජනප්‍රිය පුවත්  ඉන්දීය විශේෂ කණ්ඩායමක් ලංකාවට !

අදාළ විමර්ශනයේ තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමේ දී මෙම හිටපු ජනාධිපති කවුරුදැයි අණාවරණය කිරීමෙන් වැළකීඇත්තේ, සිදුවීම හෙළිකර කිසියම් අතරමැද සම්මුතියක් ඇති කරගැනීමේ ආණ්ඩුවේ ඉහළම ඇත්තකුගේ ඇති උවමනාව හේතුකොටගෙන ය. මේ වන විට එම පවු‍ලේ ව්‍යාපාරික ප්‍රබලයකු සිද්ධිය යටපත් කරගැනීම සඳහා අවශ්‍ය ගනුදෙනු සාකච්ඡා කරමින් තිබෙන බව අපගේ ආරංචි මාර්ග අවධාරණය කරයි.

  • ජයන්ත බෝගස්හැන්නදි –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x